භාවිතාකළ අධ්‍යාපන සම්පත් නැවත භාවිතය සදහා පරිත්‍යාග කිරීමේ වැඩසටහන

පාසල් සිසු දරුවන්ගේ සහෝදරත්වය, පරාර්ථය සමාජ යුතුකම් පිළිබදව ආකල්පමය වෙනසක් ඇති කරවමින්, භාවිතා කල, එහෙත් නැවත භාවිතා කල හැකි අධ්‍යාපනික සම්පත්, අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැරහැර නොකර අවශ්‍යතා ඇති දුෂ්කර ප්‍රදේශවල දරුවන් වෙත යොමු කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙහිදී පාසල් තුල කබඩය ක් ස්ථාපිත කරන අතර, සිසු දරුවන් සතුව ඇති භාවිතා කල, නැවත භාවිතයට ගත හැකි සම්පත් සහ නවතම පොත් පත්, පාසල් උපකරණ (උදා - එක සිසුවෙක් එක අභ්‍යාස පොතක්, එක් පැන්සලක් බැගින්) ගෙනැවිත් එහි තැන්පත් කල හැකිය.

එම කබඩයේ පරිත්‍යාග සම්පූර්ණයෙන් එක්රැස් වූ පසු හෝ වසර අවසානයේ තෝරාගත් දුෂ්කර පාසලක් වෙත එම සම්පත්, පාසලේ සිසු දරුවන් අතින්ම පරිත්‍යාග කිරීම සිදු වේ.