- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
Now Spreading Happiness is just a click away...!!
විදුසත් මෙහෙවර යනු !
විදුසත් මෙහෙවර යනු සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම හා සැමට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාජ සත්කාරක සේවාවකි.
ආර්ථික දුෂ්කරතාවයන් සහ දහසකුත් අගහිඟකම් මැද අධ්‍යාපනය ලබන සහ විවිධ ආබාධයන් හේතුවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමි වූ දරුවන්ට මෙන්ම දුෂ්කර පාසල් සදහා භෞතික හා මානව සම්පත් ලබාදීම මූලික කරත් අන්තර්ජාල වේදිකාවද, දරුවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘති ද විදුසත් මෙහෙවර යටතේ ක්‍රියාත්මක වේ.
විදුසත් මෙහෙවර අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව
අන්තර්ජාල මාධ්‍ය පදනම් කරගෙන, උපකාර අවශ්‍ය සිසු දරුවන් (ප්‍රතිලාභීන්), පරිත්‍යාගශීලීන්, ස්වෙච්ඡා නිලධාරීන් සමග අන්තර් සම්බන්ධතාවය ගොඩගන පුළුල් වේදිකාවකි.
විදුසත් මෙහෙවර ලංකාවේ ප්‍රථම ඔන්ලයින් සමාජ සත්කාරක වේදිකාව ද වේ.
විනිවිදභාවය
විදුසත් මෙහෙවර අන්තර්ජාල වේදිකාව ඉතාමත් විනිවිදව හා විශ්වාසනීය ලෙස උපරිම සේවාවක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. මේ තුළින් පරිත්‍යගශීලීන්ට තම පරිත්‍යාගයන් කිසිදු අතරමැදි පාර්ශවයක මැදිහත්වීමකින් තොරව සෘජුවම ප්‍රතිලාභීන් වෙත තම සුරතින්ම ලබාදීමේ හැකියාව උදාකර දී ඇත.
නිවැරදි බව
අප වෙත උපකාර ඉල්ලීම් යොමු කිරීමේදී ග්‍රාම නිලධාරී, විදහල්පති, ප්‍රාදේශීය ලේකම් වැනි නිලධාරීන්ගේ සහතික කිරීම් සහ ඔවුන්ගේ සම්බන්ධතා ද සහිතව යොමුකළ යුතු බැවින් තොරතුරුවල නිවැරදිභාවය පිළිබදව සහතික විය හැකිය. පරිත්‍යාගශීලීන්ට එම සම්බන්ධතා ඔස්සේ තවදුරටත් තොරතුරු සනාථ කරගෙන විශ්වාසනීයව තම පරිත්‍යාගය ප්‍රතිලාභීන් වෙත යොමුකල හැකිය. අවශ්‍ය නම් අදාල ප්‍රදේශයට වඩාත් සමීප අපගේ ස්වෙච්ඡා නිලධාරීන්ගේ සහය ලබාගත හැක.
වේගවත් බව
ඔබගේ සෑම ආකාර අවශ්‍යතාවක් සදහාම අප කණ්ඩායම මෙන්ම ස්වයංක්‍රීය පද්ධතිය කඩිනමින් ප්‍රතිචාර දක්වනු ලබයි. අප වෙත යොමුවන උපකාර ඉල්ලීම් පැය 24ක් ඇතුළත සත්‍යතාව පරික්ෂා කර විදුසත් මෙහෙවර වේදිකාවේ පලකිරීමට අනුමැතිය දෙනු ලැබේ. පරිත්‍යාගශීලීන්ට ඉතා පහසුවෙන් ප්‍රතිලාභ අවශ්‍යතා වර්ගීකරණය හා ප්‍රදේශය අනුව වඩාත් සුදුසුම ප්‍රතිලාභියා තෝරාගත හැකිය. තවද ප්‍රතිලාභීන්ගේ උපකාර ඉල්ලීම අප සමග ලියාපදිංචි වී ඇති සම්පත් දායකයන් වෙත යොමු කිරීමටද, උපකාර ලබා දීම සදහා උනන්දුවෙන් කටයුතු කරන්නන්ට තම අවශ්‍යතාව අනුව ප්‍රතිලාභීන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් සොයා දීමටද අප යුහුසුළුව කටයුතු කරමු.
විශේෂ ව්‍යාපෘති
සයිබර් ලොවට පියාපත් (විශ්වීය අධ්‍යාපනයට සමබිමක්)
තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි. තවද ග්‍රාමීය ප්‍රදේශ දක්වා සම්පත් බෙදීයාමේ විෂමතාවය දුරලමින් සැමට සමානව අධ්‍යාපන පහසුකම් ලබා දීම සදහා හොදම මාධ්‍ය ද අන්තර්ජාලය වේ. මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා ඉහළ අගයක් ගැනීමත්, අන්තර්ජාල හා සන්නිවේදන සම්බන්ධතා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කර තිබීමත් යන සාධක මෙම ව්‍යාපෘතිය සදහා අපට ඉමහත් ශක්තියක් හා උද්යෝගයක් සපය යි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාව ඇතිව, දිවයිනේ දස දහසකට අධික පාසල් සංඛ්‍යාවක, ලක්ෂ 45 ඉක්මවන සිසු පරපුරේ අධ්‍යාපන මට්ටම ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. දිවයිනේ සෑම පාසලකටම වෙබ් අඩවියක් හා ඒ ඔස්සේ ප්‍රවේශ වී මාර්ගගතව අධ්‍යාපන පහසුකම් ලබා ගැනීම මෙන්ම පාසල් කළමනාකරණ කටයුතු සිදුකරදීම ද ව්‍යාපෘතිය තුලින් සිදු වේ.
තවද විදුසත් මෙහෙවර හරහා අන්තර්ජාලය පාදකකරගත් අධ්‍යාපනය සදහා සහ ඊට අවශ්‍ය භෞතික සම්පත් හා පුහුණු වැඩමුළුද ක්‍රියාත්මක කෙරේ.
“සොයුරු සත්කාර” අධ්‍යාපන සම්පත් හුවමාරු වැඩසටහන
භාවිත කල එහෙත් තවදුරටත් භාවිතයට ගත හැකි අධ්‍යාපන සම්පත් අවශ්‍යතා ඇති සිසුන් වෙත යොමු කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදු වේ.
මෙමගින් භාවිතා කල සම්පත් අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැහැර නොකර එම සම්පත් තවදුරටත් ඵලදායි ලෙස සමාජයේ යහපත උදෙසා යෙදවිය හැකි වනවා මෙන්ම, එකිනෙකාගෙන් ඉටු විය යුතු සමාජ වගකීම්, යුතුකම් හා සාමුහිකත්වය පිළිබදව ශිෂ්‍ය ප්‍රජාව තුළ ආකල්ප වර්ධනය කිරීමට ඉවහල් වේ.
පාසල් කේන්ද්‍රීයව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, එමගින් වසර 2025 වනවිට ග්‍රාමීය පුස්ථකාල දෙදහසක් පෝෂණය කිරීමටද කටයුතු කරනු ලැබේ.
හරිත ශ්‍රී ලංකාවක්
ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් විනාශ වෙමින් පවතින වන සම්පත රැක ගනිමින් අක්කර 2000 ක පමණ භූමියක මෙම වන වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන්, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සහ මගපෙන්වීම යටතේ මෙය ක්‍රියාවට නැංවේ.
මීට අමතරව විදුසත් මෙහෙවර විසින් ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘතියක්ම සංඛේතවත් කරමින් පාසල් හා ගම්මාන ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
දැක්ම හා මෙහෙවර
දැක්ම
සෑම ළමයෙකුටම ඉගෙනීමට ඇති අයිතිය සුරකිමින් දැනුම කුසලතා හා යහපත් ආකල්පයන්ගෙන් සපිරි සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහි කිරීම.
මෙහෙවර
- ආර්ථීක අපහසුතා සහිත පවුල් වල සිසුන් සඳහා අධ්‍යාපනික සම්පත්" උපකාර ලබා දීම සහ ඔවුන්ව සවිබල ගැන්වීම.
- ශාරීරික ආබාධ හේතුවෙන් අධ්‍යාපනය ලැබීමට අපහසු සහ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ගිලිහී ගොස් සිටින සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු වලට උපකාර කිරීම.
- දූෂ්කරතා සහිත පාසල් හඳූනාගෙන ඒවායේ භෞතික හා මානව සම්පත් සපයා දීම සහ සම්මන්ත්‍රණ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- දෙමපියන් අහිමි සහ ආර්ථීක ගැටලූ/අපහසුතා සහිත පවුල් වල සිසුන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම.
- භාවිත කල" තවදූරටත් භාවිත කලහැකි පොත්පත්" පාසල් උපකරණ" නිබන්ධන හා අධ්‍යාපනික සම්පත් නැවත භාවිතය සඳහා යොදා ගනිමින් අවශ්‍යතා සහිත සිසුන්ගේ පරිහරණයට යොමු කිරීම.
- දරුවන්ගේ කායික" මානසික" පෝෂණ ගැටලූ හඳූනාගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ග්‍රාමීය හා අවශ්‍යතා සහිත පාසල් සඳහා අන්තර්ජාල අධ්‍යාපනික සම්පත් හා තාක්ෂණික පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
- තරගකාරී අධ්‍යාපන රටාව වෙනුවට තිරසාර සංවර්ධනය පදනම් කරගනිමින් ගුරු, සිසු, දෙමාපියන්ගේ ආකල්ප, කුසලතාවන් ඉහළ තලයකට ඔසවා තබන නව අධ්‍යාපන ක්‍රමෝපායන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් හදුන්වාදීම සහ ප්‍රචලිත කරවීම.
උපකාර ඉල්ලන්නේ මෙහෙමයි
අවශ්‍යතා සහිත දුෂ්කර පාසල් හා සිසුන්
සම්පත් අවශ්‍ය දුෂ්කර පාසල් සහ ආර්ථික අපසුතා, කායික දුබලතා හා වෙනත් භෞතික හේතූන් මත අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමිවූ, දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අවශ්‍යතාවයන් සහ ඉල්ලීම අප වෙත යොමුකළ හැකිවේ.
ප්‍රතිලාභියා වෙනුවෙන් වෙනත් අයෙක්
උපකාර අවශ්‍ය ප්‍රතිලාභියා හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයෙකුට වුද ඉල්ලීම ඉදිරිපත් කළ හැකිවේ.
ඔබට, ඔබ පාසලට උපකාර කළ යුත්තේ ඇයි?
ඔබට හෝ ඔබ පාසල උපකාර කළ යුත්තේ ඇයිද සහ ලබා දිය යුතු උපකරයන් පිලිබදව පැහැදිලිව කරුණු ඉදිරිපත් කරන්න.
තොරතුරු වර්ගීකරණය
අදාළ වර්ගීකරණය යටතේ ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය. වර්ගීකරණය තෝරාගැනීමෙන් පසු ලැබෙන ෆෝරමයට තොරතුරු ඇතුළත් කළ යුතුය.
සෑම විටම නිවැරදි, සහතික කල හැකි තොරතුරු පමණක් ඉදිරිපත් කරන්න
තොරතුරු ඉදිරිපත් කිරීමේදී සෑම විටම සත්‍යවූත්, නිවැරදිවූත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමට වගබලාගන්න. නිලධාරියෙකු ලවා සහතික කළ ලිපි, වෛද්‍ය වාර්තා හා වෙනත් සහතික කළ ලේඛණ යොමුකල හැකිය.
තොරතුරුවල නිරවද්‍යතාවය සනාථ කරන්න
තොරතුරුවල නිවැරදිතාවය සනාථ කිරීම සදහා (විදුහල්පතිතුමා, විහාරාධිපති හිමි/පූජක තුමා, ග්‍රාම සේවා නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හෝ වෙනත් නිලධාරීන්) දෙදෙනෙකුගේ දුරකථන අංක ඉදිරිපත් කළ යුතුය.
ඔබගේ ඉල්ලීම වෙබ් අඩවියේ පලකිරීම
තොරතුරුවල නිවැරදිතාවය සනාථ කරගැනීමෙන් පසුව පරිත්‍යාගශීලීන්ට දැකගැනීම සදහා අදාල ඉල්ලීම වෙබ් අඩවියේ පළ කරනු ලබයි. (ඔබ පිළිබදව සංවේදී කරුණු ඇත්නම්, උපකාර කිරීමට කැමැත්ත පළකරන අයට පමණක් දැකගත හැකිවන ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට පහසුම් සලසා ඇත.
උපකාර කරන්නේ මෙහෙමයි
සහිතක කරන ලද තොරතුරු
උපකාර අවශ්‍ය පාසල් හා සිසුන් පිළිබද සහතික කරන ලද තොරතුරු මෙම වෙබ් අඩවියේ පලවේ.
ප්‍රතිලාභීන්ට සෘජුවම උපකාර ලබා දීම
පලකර ඇති තොරතුරු අනුව සෘජුවම ප්‍රතිලාභීන් හා සම්බන්ධ වී ඔබගේ උපකාර යොමු කිරීම හෝ අප හරහා යොමු කිරීම සිදුකල හැක.
ඔබ උපකාරයක් ලබා දීමට කැමතිනම්
වෙබ් අඩවියේ පලවී ඇති තොරතුරුවලට අනුව ඔබ උපකාර ලබා දීමට පාසලක් හෝ ශිෂ්‍යයෙකු තෝරාගත් විටදී ලබා දී ඇති දුරකථන අංක ඔස්සේ ඔවුන් හා සම්බන්ධ විය හැකිය. දුරකථන අංක සහ සම්බන්ධතා තොරතුරු සදහන් කර නොමැති අවස්ථාවලදී අප සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
තොරතුවල නිරවද්‍යතාවය තහවුරු කරගැනීම
ඉදිරිපත් කර ඇති තොරතුරුවල නිවද්‍යතාවය තහවුරු කිරීම සදහා සෑම ප්‍රතිලාභියෙක්ම විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හෝ වෙනත් නිලධාරීන් දෙදෙනෙකුගේ තොරතුරු අප වෙත ලබා දී ඇත.
සෘජුවම ඔබගේ උපකාරය ප්‍රතිලාභීන් වෙත යොමු කරන්න
නිරවද්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව සෘජුවම ප්‍රතිලාභීන් හා සම්බන්ධ වී ඔබගේ උපකාරය යොමු කළ හැකිය. සෘජුවම ප්‍රතිලාභීන් වෙත යොමු කළ නොහැකිනම් අපගේ ස්වෙච්ඡා නිලධාරියෙකු හරහා උපකාරය යොමුකළ හැකිය.
අපව දැනුවත් කරන්න
උපකාරය ලබා දුන් පසු අපව දැනුවත් කළ යුතුය. (එය උපකාර අවැසි තවත් අයෙකු වෙත අප වෙබ් අඩවියේ අවස්ථාව ලබා දිමත්, උපකාරය සම්පූර්ණ කළ බවට අපගේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමටත් ඉවහල් වේ.)
ඔබේ ආධාරය සෘජුවම අපවෙත ලබා දෙන්න
වෙබ් අඩවියේ පලකර ඇති උපකාර ඉල්ලීම්වලට අමතරව පොත් පත්, පාසල් උපකරණ හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමට කැමතිනම් අප වෙත යොමුකළ හැකිය. අපවෙත ලැබෙන ඉල්ලීම්වලට අනුව වඩාත් සුදුසු අවශ්‍යතා ඇති පාසල් හා සිසු දරුවන් වෙත එම ආධාරය යොමු කිරීමට අප සූදානම්ය.