පැලයක් සිටුවමු

හෙට රට වෙනුවෙන්

අද අපේ යුතුකම ඉටු කරමු

ශ්‍රී ලාංකීය භූමි තලයේ වන වියන අක්කර 2000කින් ඉහළ නැංවීම

වෙනුවෙන් ක්‍රියාත්මක හරිත ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතිය.

විදුසත් මෙහෙවර සමාජ සත්කාරක සේවය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමග එක්ව ප්‍රජා දායකත්වයෙන් වර්ෂ 2020 අවසන් වන විට ශ්‍රී ලාංකීය මව් පොළොවේ වන ආවරණය අක්කර 2000කින් පමණ ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් එම අමාත්‍යාංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, නැවත වන රෝපනය සදහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ඒ සදහා දිස්ත්‍රික්ක හතරක වන රක්ෂිත බිම් කොටස් වෙන්කර දී ඇත.

කුරුණෑගල, ඇහැටුවැව, හල්මිල්ලවත්ත රක්ෂිතය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හල්මිල්ලවත්ත රක්ෂිතය. රක්ෂිත භූමියේ කඩින් කඩ මුඩු බිම් තීරු නැව වගාව සිදුකෙරේ.

භූමිය : කුරුණෑගල, ඇහැටුවැව, හල්මිල්ලවත්ත රක්ෂිතය
වන වගාව සිදුවන භූමි ප්‍රමාණය : අක්කර 50යි
සිටුවන පැල ප්‍රමාණය : අක්කරයට පැල 600
සිටුවන පැල වර්ග : හල්මිල්ල, කුඹුක්, මී, කොහොඹ
අක්කරයක් සදහා වියදම : පැල සිටුවීම සහ වසර 4ක නඩත්තු කාලයක් සදහා රු. 195 000.00 යි

This Project is Updating.....

Please comeback shortly and check it out again. Thank you.

This Project is Updating.....

Please comeback shortly and check it out again. Thank you.

ඔබේ දායකත්වය...

පහත දැක්වෙන ඕනෑම ආකාරයකින් මෙම ව්‍යාපෘතිය සදහා ඔබේ දායකත්වය දැක්විය හැකිය.

පැල වර්ග

ව්‍යාපෘතිය සිදුකරන ප්‍රදේශයේ පරිසර තත්ත්වයට ගැළපෙන පැල වර්ග ඕනෑම ප්‍රමාණයක් ඔබට ලබාදිය හැකිය.

දායකත්වය දක්වන්න

ශ්‍රම දායකත්වය

බිම් සැකසීම, පැල සිටුවීම, නඩත්තුව සහ ප්‍රවාහනය සදහා ඔබගේ ශ්‍රම දායකත්වය දැක්විය හැකිය.

දායකත්වය දක්වන්න

මූල්‍ය දායකත්වය

එක් පැලයක් සදහා මූල්‍ය දායකත්වය රුපියල් 250 බැගින් ඔබ කැමති පැල ප්‍රමාණයකට දායකත්වය දැක්විය හැකිය.

දායකත්වය දක්වන්න

ඔබේ නමින් පැලයක්

මිහිතලයට දායාද කරන්න

එක පැලයක් වෙනුවෙන් දායකත්ව මුදල රුපියල් 250ක් පමණි.

බිම් සැකසීම, පැල සිටුවීම, පෝෂණය හා රැක බලාගැනීම වෙනුවෙන් මම දායකත්වය යෙදවේ.

ඔබේ නමින් සිටවූ පැලය වසර හතරක් පුරාවට රැක බලාගෙන මිහිතලයට දායාද කිරීමට අපි කැපවෙමු.

මෙම ව්‍යාපෘතියේ දී ඉතා පාරදෘෂ්‍ය ආකාරයෙන් ඔබ ලබාදෙන සෑම දායකත්වයක් සදහාම අදාල මූල්‍ය වටිනාකම ගණනය කරනු ලැබේ. එක් පැලයක් ලබා දීම ව්‍යාපෘතියට රු. 45ක දායකවීමකි. මිනිස් දින එකක දායකත්වය රු. 1500ක දායකවීමකි.

ඔබ ලබා දෙන සෑම දායකත්වයක් සදහා වටිනාකම, මූල්‍ය වටිනාකමක් ලෙස ව්‍යාපෘතියේ අභිවෘද්ධියට යෙදවීම තුළින් ඉහළ සේවාවක් ලබා දිම සදහා අප දායක කරවා ගනිමු.