- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
තොරුතුරු තාක්ෂණ යහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - නුවරඑළිය අධ්‍යාපන කලාපය

"සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය අධ්‍යාපන කළාපයේ තෝරාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා වෙබ් අඩවි සංවර්ධන පුහුණු වැඩමුළුව පසුගියදා අවසන් කෙරිණි. දින තුනක් පුරාවට නුවරඑළිය කලාප පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ දී මෙම වැඩමුළුව පැවැත්විණි.
එහිදී “විදුසත්“ සමාජ සත්කාරක සේවයේ අනුග්‍රාහකත්වයෙන්, “තොරතුරු තාක්ෂණ යහභාවිතයෙන් මාර්ගගත අධ්‍යාපනය හා ඉදිරිය“ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. තවද වත්මන් කොවිඩ් අර්බුදය හමුවේ ප්‍රදේශයේ පාසල් සහ දරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවත්, අන්තර්ජාල ආවරණය සහ අඩු පහසුකම් තත්වය යටතේ, මාර්ගගත අධ්‍යාපන කටයුතුවලදී දුෂ්කර පාසල් හා පාසල් සිසුන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවත්, ඉදිරියේදී එම ගැටලු හඳුනා ගනිමින් විදුසත් සමාජ සත්කාරක සේවය හා විදුසත් මෙහෙවර අන්තර්ජාල වේදිකාව තුළින් පරිත්‍යාගශීලින්ගේ අවධානය යොමු කරමින් උපකාර ලබා දීම සදහාද අවධානය යොමු කරන ලදි.
"සයිබර් ලොවට පියාපත්" යනු වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ දී වෙබ් අඩවි සංවර්ධනය පිළිබදව පාසල් සිසුන්ට පුහුණුව ලබා දීම හා පාසල් වෙබ් අඩවි පිහිටුවීම සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් කටයුතු කෙරේ.
ව්‍යාපෘතිය පුහුණු වැඩමුළු හා වෙබ් අඩවි සංවර්ධන කටයුතු සඳහා lk Domain Registry ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලබයි. එහිදී විදුසත් සමාජ සත්කාරක සේවය තොරතුරු තාක්ෂණ යන භාවිතය පිළිබඳව දරුවන් යොමු කිරීම සඳහාත්, අඩු පහසුකම් සහිත හා අවශ්‍යතා ඇති සිසු දරුවන් හා පාසල් හඳුනා ගනිමින් අවශ්‍යතා සපයා දීම සඳහා විදුසත් මෙහෙවර අන්තර්ජාල වේදිකා හරහා පරිත්‍යාගශීලින්ගේ අවධානය යොමු කර වීම හා පහසුකම් ලබා දීම සඳහාත් කටයුතු කරයි.