කොරෝනා සමයේ නිවසේ සිට අධ්‍යාපන ලබන සිසුන් සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අවස්ථා අහිමි වූ දුවා දරුවන් වෙනුවෙන් මාර්ගගතව, අධ්‍යාපනය ලබා දීම සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් අරඹා ඇත.
ලංකා භාෂා හා තොරතරු තාක්ෂණ ආයතනය විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ “විදුසත් මෙහෙවර“ සමාජ සත්කාර සේවයේ අනුග්‍රහය ඇතිව, ඉංග්‍රීසි භාෂා හා පරිගණක අධ්‍යාපන පාඨමාලා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මේ වනවිට දිවයින පුරා 2500කට අධික සිසුන් පිරිසකට නොමිළේ පාඨමාලා ලබාදීමට නියමිතය.