- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් විදුසත් සවිය...

විදුසත් සමාජ සත්කාරක සේවය, වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම සමග “සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය යටතේ මෙරට පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් පසුගිය දා සහයෝගීතා ගිවිසුමකට එළඹිණි.
“සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාව ඇතිව වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම විසින් දිවයින පුරා අධ්‍යාපන කලාප මට්ටමින්, වෙබ් අඩවි සංවර්ධන පුහුණුව සහ පාසල් තොරතුරු තාක්ෂණ සමාජ බලගන්වමින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.
ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ පාසල් තොරතුරු තාක්ෂණ සමාජ නියෝජනය කරන සිසුන් සඳහා, තොරතුරු තාක්ෂණ යහ භාවිතය සහ හා පුහුණු වැඩමුළු සඳහා සහයෝගීතාවය ලබා දීමටත්, අධ්‍යාපන හා භෞතික සම්පත් අවශ්‍යතා ඇති දුෂ්කර පාසල් හා අවශ්‍යතා ඇති සිසුන් සඳහා “විදුසත් මෙහෙවර“ අන්තර්ජාල වේදිකාව හරහා පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කිරීමටත්, මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සඳහාත් එම ආයතන දෙක මෙසේ ගිවිසුම් ගතවිය.