- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පාසල් 100ක වෙබ් අඩවි 100ක් එකම මොහොතක එළිදැක්වීම

ශ්‍රී ලාංකීය සිසු දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නංවමින්, ආනගත තොරතුරු තාක්ෂණ ලෝකයේ ශ්‍රී ලාංකීය නියෝජනය බලගැන්වීම අරමුණු කරගනිමින් වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය ක්‍රියාත්මක කරන “සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතියේ පළමු අදිරයේ අධ්‍යාපන කලාප හතරක පාසල් 100ක වෙබ් අඩවි එකම මොහොතක දියත් කිරීම පසුගිය පෙබරවාරි 19 වැනිදා සිදුවිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවේ School-net ඒකකයේ සහයෝගීතාවයෙන්, LK Domain Registy ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ “විදුසත් මෙහෙවර“ සමාජ සත්කාරක සේවයේ තාක්ෂණික හා සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ගම්පොල, හැටන්, කුරුණෑගල, පුත්තලම අධ්‍යාපන කලාප කේන්ද්‍රකරගනිමින් එම කලාපවල තෝරාගත් පාසල් 100ක සහභාගීත්වයෙන් සිදු කෙරිනි.
ඒ යටතේ පාසල් තොරතුරු තාක්ෂණ සමාජ බලගන්වමින්, අධ්‍යාපන කලාප මට්ටමින් තෝරාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ සිසුන් සහ ගුරුභවතුන් සදහා වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබදව වැඩමුළු මාලාවක් පැවැත්වූ අතර, එලෙස පුහුණුව ලැබූ සිසුන්ගේ දායකත්වයෙන් පාසලේ නිල වෙබ් අඩවිය සංවර්ධනය සහ යාවත්කාලීන කිරීමේ කටයුතු සිදුකිරීම සුවිශේෂීය.
පවතින තත්ත්වය හේතුවෙන් වෙබ් අඩවි එළිදැක්වීමේ කටයුතු පාසල් මට්ටමෙන් සංවිධානය කර තිබුණු අතර, Zoom තාක්ෂණය ඔස්සේ සියළුම පාසල් එකම මොහොතක ඒ සදහා සම්බන්ධ කිරීමට කටයුතු කෙරිනි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂක උදාරා දික්කුඹුර, නියෝජ්‍ය අධ්‍යක්ෂක එම්.වී.ටී. මාලින්ද, එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධාන විධායක මහචාර්ය ගිහාන් ඩයස් යන මහත්ම මහත්මීන් සහභාගී විය.
ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස මෙම වර්ෂය තුළ දිවයින පුරා අධ්‍යාපන කලාප 12ක පාසල් 300ක් ආවරණය කිරීමට නියමිතය.