- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
භාවිතා කල පොත්පත් නැවත භාවිතයට යොමු කිරීම තුළින් පෝෂණය ලබන ග්‍රාමීය පුස්තකාල 2000ක්

විදුසත් මෙහෙවර සමාජ සත්කාරක සේවයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘සොයුරු සත්කාර‘ ව්‍යාපෘතිය යටතේ, භාවිතා කල, එහෙත් තව දුරටත් භාවිතා කල හැකි පොත්-පත් ප්‍රයෝජනයට ගනිමින් වසර 2025 වනවිට දිවයින පුරා ග්‍රාමීය පුස්තකාල 2000ක් පෝෂණය කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය මේ වන විටත් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා සහයෝගීත්වය ඇතිව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව E.co ආයතනය සම්පත් දායකත්වයෙන් පාසල් 10ක ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
මේ යටතේ භාවිතා කළ, තව දුරටත් භාවිතා කල හැකි පොත් පත් සහ අධ්‍යාපනික සම්පත් පාසලේ ස්ථාපිත කරන අල්මාරියක තැන්පත් කිරීම සිදු වේ. එලෙස එක්රැස්වන සම්පත් එම පාසලේම හෝ වෙනත් දුෂ්කර පාසල්වල දරුවන්ගේ අවශ්‍යතා සදහා යොමු කිරීමත්, දිවයින පුරා තෝරාගත් ග්‍රාමීය සහ දුෂ්කර පාසල්වල පුස්තකාල සදහාත් පරිත්‍යාග කිරීමත් සිදුවේ.
මෙම සමස්ථ ව්‍යාපෘතිය ඉතා කාර්යක්ෂමව නියාමනය කිරීම සදහා අන්තර්ජාල තාක්ෂණය යොදා ගැනීම සුවිශේෂී වේ. පාසල් තුල එකතු කරන අධ්‍යාපන සම්පත් හා ඩී.වී. වර්ගීකරණය යටතේ එක්රැස් කරන පොත් පත් පිළිබද නිවැරදිව දත්ත ලබා ගැනීම සහ එම දත්ත විශ්ලේෂණය කර සුදුසු පාසල් හා පුස්තකාල වෙත යොමු කිරීමත් එමගින් සිදුවේ. ඒ සදහා ව්‍යාපෘතිය භාර පාසල් ගුරුවරුන්ට අවශ්‍ය මූලික පුහුණුව විදුසත් මෙහෙවර කණ්ඩායම මගින් ලබාදීමටනියමිතය.
දැයේ දරුවන්ගේ අනාගතය එළිය කිරීම සදහා විප්ලවීය දැක්මක් ඔස්සේ ගුණාත්මක මෙහෙවරක යෙදෙමින් දුෂ්කර ප්‍රදේශවල ආර්ථික හා විවිධ අගහිගකම් සහිත දරුවන් සදහා පොත-පත, අධ්‍යාපනික සම්පත් හා ඉ-තාක්ෂණික දැනුම ලබාදීම විදුසත් මෙහෙවරේ අරමුණයි. ඒ අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාල, පාසල් සම්බන්ධීකරණය කරමින් මාර්තු මසදී මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සදහා සියළු කටයුතු සූදානම් වෙමින් පවතී.