මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.

  • මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.
මො/ පඤ්ඤානන්ද මහ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මධුභාෂිණි ජයසිංහ නම් සිසුවිය අධ්‍යාපනයට මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම්හි නියුතු පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවකි. එසේම ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කරයි.

නමුදු ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අධික වියදමක් දැරීමට සිදු වීම නිසා ඔවුන් මහත් වූ අපහසුතාවයකට පත්ව ඇත. මන්දයත් මෙම සිසුවියගේ මව වකුගඩු රෝගයෙන් පෙළීම නිසා ඔවුන්ට ඒ සඳහා අධික මුදලක් වැය වන නිසාවෙනි.

එබැවින් මෙම බාධක මධ්‍යයේ අධ්‍යාපනය ලබන සිසුවිය හට මාසික ශිෂ්‍යාධාරයක් ලබා දෙන ලෙස ඇගේ මව ඔබෙන් ඉල්ලා සිටී.