අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.
අන්දරමණ්ඩිය , කුඹුක්කන යන ලිපිනයේ පදිංචි ජේ. පියසේන මහතා ඔහුගේ බිරිඳ හා කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ඉතා දුක්ඛිතව කටු මැටි ගසා සාදා ගත් නිවසක ජීවත් වන දිළිඳු පවුලකි. එදිනෙදා කුමන හෝ කටයුත්තක නිරත වී සුළු මුදලක් උපයා ගන්නා අතර එම මුදල නිවසේ අවශ්‍යතා පවා ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත.
එසේම පසුගිය වසරේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ කටු මැටි ගසා සාදා ගත් නිවස අවාසනාවන්ත ලෙස කඩා වැටී ඇති අතර ආර්ථික අපහසුතා හේතුවෙන් නිවසක් සාදා ගැනීමට පවා නොහැකි විය.
ඔවුනට අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකු සිටින අතර එක් දරුවෙකු 5 වන ශ්‍රේණියේ ද දෙවන දරුවා පළමු වන ශ්‍රේණියේ ද ඉගෙනුම ලබන නමුදු ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වී ඇත්තේ ආර්ථික අපහසුතා නිසාවෙනි.
එබැවින් මෙම ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම දිළිඳු පවුල සඳහා උපකාරයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි.