උදව් අවැසි සඳගල විශේෂ පාසලට අත්වැලක් වෙමු.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳගල විශේෂ පාසල නේවාසික පහසුකම් සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා දිස්ත්‍රික්කයේ ඇති එකම පාසලයි.
මෙහි සිසුන් 136 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබයි. ඔවුන් නේවාසිකව හා නිවසේ සිට පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරයි. මින් සිසුන් 110 දෙනෙකු පමණම ශ්‍රවණ ආබාධ සහිත දරුවන් වේ. ළමුන් 10 දෙනෙකු පමණ දෘෂ්ටි ඌණතාවලින් ද, 15 දෙනෙකු පමණ මානසික සංවර්ධන ඌණතාවයෙන් ද යුක්ත වේ.
මෙම පාසලට රජයේ පාසලක් සඳහා ලැබෙන වරප්‍රසාද ප්‍රමාණවත් නොවේ. එසේම සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දරුවන් සදහා සුළු දීමනාවක් නේවාසිකාගාරයට ලැබෙන නමුත් එය ද දෛනික කෑම බීම සදහා වැය කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවන්නකි. මෙහි කටයුතු පවත්වාගෙන යන්නේ පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ප්‍රදානයන් මගිනි.
මෙහි අධ්‍යාපනය ලබන සිසුන් විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු සදහා සම්බන්ධ වේ. තවද මෙම සිසුන් නැටුම්, ගැයුම්, චිත්‍ර ආදී සෞන්දර්ය විෂයන් පිළිබඳ සමස්ථ ලංකා ජයග්‍රහණ හිමි කරගනිමින් දක්ෂතා පෙන්වා ඇත.
විශේෂයෙන් මෙම පාසලට මාධ්‍ය අංශය හා තොරතුරු තාක්ෂණ ඒකකය පවතින විශාල අඩුපාඩුවකි. වර්තමානයේ තොරතුරු තාක්ෂණ ඉගෙනුම් ක්‍රම ප්‍රචලිත වීම හා ඒ සදහා විශේෂ අවස්ථා උදාවී ඇති අතර එම කටයුතු සඳහා පාසලේ ස්ථානයක් සපයා දිය හැකි අතර අවශ්‍ය පරිගණක හා උපාංග ලබාගැනීමට හැකිනම් වඩාත් සුදුසු ය.
තවද කැපකරු මාපිය ක්‍රමය යටතේ ඉගෙනීමට අතිශය දක්ෂ හා අඩුපාඩු සහිත දරුවන් තෝරාගෙන ඔවුන් සඳහා යම් උපකාරයක් කළ හැකි නම් වඩාත් සුදුසු ය.