සංගීත ගුරුවරයෙක් එනතුරු වසර 110ක් බලා සිටි පාසලක්… කැඩී බිදී ගිය සංගීත බඩු අතැතිව දස්කම් පාන දරු පිරිසක් !
හැටන් අධ්‍යාපන කලාපයේ ගිනිගත්හේන-ලක්ෂපාන මාර්ගයේ කලුගල සිට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි මොරහේනගම මහා විද්‍යාලය වසර 110කට වඩා ඉතිහාසයක් සහිත 1 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගැන්වීම් කටයුතු කරන සිසුන් 245ක් පමණ ඉගෙනුම ලබන පාසලක්.
දිගු ඉතිහාසයක් සහිත, නගරයෙන් දුර බැහැර දුෂ්කර ග්‍රාමීය පෙදෙසක පිහිටි මේ පාසලේ ඉතිහාසය පුරාවටම, පළමු වතාවට සංගීත ගුරුවරයෙකුගේ සේවය 2018 වසරේදී යි. ඒ සංගීත ගුරුවරියත් සමග මේ වන විට පාසලේ දරුවන් සංගීත විෂය ඉගෙනගනිමින් ඉන්නේ ඉතාමත් ආශාවෙන්.
පසුගිය ජනවාරි 24 දින පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සංගීත ගුරුතුමියගේ දැඩි උත්සාහය කැපවීම මත පාසල් තූර්ය වාදක කණ්ඩායම තම හැකියාවන් අභිමානවත්ව ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ ගුරු මව්පියන්ගේ මෙන්ම දෙමාපියන්ගේද දෑසට සතුටු කදුලක් එක්කරමින්.
එහිදී කැඩී බිදී ගිය සිම්බල්, මෙලෝඩිකා ඇතුළු ඉතාමත් අබලන් තත්ත්වයේ පැවති සංගීත භාණ්ඩ උපයෝගී කරගනිමින් තූර්ය වාදක කණ්ඩායම පෑ දස්කම් ඉතාමත් සංවේදී දසුනක් වුණා.
ආර්ථිකව යම් ශක්තියක් ඇති දෙමාපියන්ගේ දරුවන් ජනප්‍රිය නාගරික පාසල් කරා ඇදී යද්දී, අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන්ගේ ඇස් පාදන එකම සම්පත වූනේ මේ විදු පියසයි. දහසකුත් අග අගහිග කම් මැද වුවත් හෙට ලොව දිනන්නට වෙර දරන මේ දූ පුතුන්ගේ හැකියාවන් ඔප් නංවා ගැනීමට සහය වෙන්න, තූර්වාදය මණ්ඩලයට අවශ්‍ය සංගීත උපකරණ ලබා දෙන්නැයි විදුහල්පතිතුමා සහ සංගීත ගුරුතුමිය ඔබෙන් ඉල්ලා සිටී.