හරිත ෂෙහාන් දරුවාට ශ්‍රවණාධාර උපකරණයක් හෝ පරිගණකයක් ලබා දෙන්න...

  • හරිත ෂෙහාන් දරුවාට ශ්‍රවණාධාර උපකරණයක් හෝ පරිගණකයක් ලබා දෙන්න...
ටී.ජී. හරිත ෂෙහාන් ප්‍රේමතිලක දරුවා, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. උපතින්ම ඉතා අඩු ශාරීරික මට්ටමකින් යුතුව සිටි සහ ශ්‍රවණාබාධයකින් පෙළෙන දරුවකු වන අතර, දෙමාපියන්ගේ උත්සාහය මත පාසල් අධ්‍යාපනය ලබා යම් කිසි අධ්‍යාපන මට්ටමක පසුවෙන දරුවෙකි.

දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ දුනුකේදෙණිය කණිටු විදුහලේ 8 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා ඇති මෙම දරුවා පරිගණක ආශ්‍රිත කටයුතු කිරීමට ඉතා කැමැත්තෙන් සිටී.

අඩු ආදායම්ලාභී දෙමාපියන්ට මෙම දරුවාගේ අවශ්‍යතාවය ඉටුකර දීමට හැකියාවක් නැත.

උපකරණයක් මගින් ශ්‍රවණාබාධ තත්ත්වය මගහරවාගත හැකි වුවද මේ වන තෙක් එම දෙමාපියන්ට එම අවශ්‍යතාවද ඉටකරගැනීමට නොහැකි වී ඇත.

එබැවින් මෙම දරුවාගේ ප්‍රයෝජනය සදහා නවතම හෝ, භාවිතා කරන ලද ඉතා හොද තත්ත්වයේ පරිගණකයක් සහ ශ්‍රවණාධාර උපකරණයක් ලබා දීමට හැකිනම් එය මහත් සත්කාර්යයකි.