ගලේවෙල, ඇරැව්වල විදුහලේ දරුවන්ට පානීය ජල පහසුකම්

  • ගලේවෙල, ඇරැව්වල  විදුහලේ දරුවන්ට පානීය ජල පහසුකම්
  • ගලේවෙල, ඇරැව්වල  විදුහලේ දරුවන්ට පානීය ජල පහසුකම්
මේ ගලේවෙල අධ්‍යාපන කලාපයේ පිහිටි ඇරැව්වල ප්‍රාථමික විදුහල. ගොවිතැනින් එදාවේළ සරිකරගන්නා මෙම ප්‍රදේශවල දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ඉගෙනුම ලබන ඇරැව්වල ප්‍රාථමික විදුහල බොහෝ මූලික පහසුකම් අහිමි දුෂ්කර පාසලක්.

විදුහලේ පානීය ජල පද්ධතිය මේ වන විට ඉතා අබලන් තත්ත්වයට පත්ව, භාවිතයට ගැනීමට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත. මෙම ප්‍රදේශවල ජලයේ පවතින අධික ලවණ සාන්ද්‍රණය (කිවුල) නිසා ජල කරාමවල ලවණ තට්ටු බැදී ඇත.

වෙනත් විකල්පයක් නොමැති නිසා පාසල් දරුවන් එම ජලය භාවිතයට ගන්නා අතර, එය දරුවන්ගේ සෞඛ්‍යට ඉතාම හානිකර තත්ත්වයකි.

එබැවින් පාසලේ ජල පද්ධතිය පිලිසකර කර, ජල පෙරණයක් ලබා දෙන ලෙස විදුහල්පති එම්.ජී. පද්මසේන මහතා කාරුණිකව ඉල්ලා සිටී.

විදුහල්පතිතුමාගේ ඉල්ලීම පහත දැක්වේ.