දෘෂ්‍යාබාධිත මව්පියන් දෙපළගේ මේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනයට සවියක් වෙමු !

  • දෘෂ්‍යාබාධිත මව්පියන් දෙපළගේ මේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනයට සවියක් වෙමු !
දික්වැල්ල, පොල්ගහමුල්ල, විදුසර නිවසේ පදිංචි දයානි බංඩාර හා ඇගේ සැමිය වන ඩී.චාමින්ද යන දෙදෙනාම පූර්ණ දෘෂ්‍යාබාධිත අයවේ. ඔවුන් දෙදෙනාගේ දරුවන් වන බාසුර සතිර දැනට දෙවිනුවර කනිෂ්ඨ විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ද විදුනික ලෝසත් දරුවා පොල්ගහමුල්ල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ද ඉතා හොදින් අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබයි.

මෙම යුවල පූර්ණ දෘෂ්‍යාබාධිත වුවද රැකියාවල නිරත වී එදිනෙදා පවුලේ වියදම් උපයා ගනී. දැඩි පරිශ්‍රමයකින් ඔවුන් දෙදෙනා කුඩා නිවසක්ද ගොඩනගාගැනීමට සමත්ව සිටින අතර ඒ වෙනුවෙන් වූ අධික ණයබරින් පීඩිතව සිටින බැවින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය දැඩි ලෙස බලපා ඇත.

දැඩි බාධක මධ්‍ය යේ වුවද ඔවුන් දෙදෙනාගේ එකම බලාපොරොත්තුව දරුවන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබා දීමයි. එබැවින් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සදහා මාසිකව ශිෂ්‍යාධාරයක් ලබා දෙන ලෙස එම දෘෂ්‍යාබාධිත යුවල ඉල්ලා සිටී.