භාවිත කළ, තවදුරටත් භාවිතා කළ හැකි ඔබ සතුව පවතින පොත පතින් මේ ග්‍රාමීය පුස්ථකාලය පෝෂණය කිරීමට දායක වන්න.

  • භාවිත කළ, තවදුරටත් භාවිතා කළ හැකි ඔබ සතුව පවතින පොත පතින් මේ ග්‍රාමීය පුස්ථකාලය පෝෂණය කිරීමට දායක වන්න.
යටියන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කෝට්ඨාසයේ පොල්පිටිය, ලෙදිගම්මන, පිහිටා ඇත්තේ යටියන්තොට නගරයේ සිට 20KM වඩා දුරකින් පිහිටි දුෂ්කර කදුකර පෙදෙසකය.

කදු වළල්ලකින් වටවූ මේ සුන්දර ගම් පෙදෙසේ වෙසන දුවා දරුවන්ගේ අධ්‍යාපනය, සාහිත්‍ය, දැනුම පෝෂණය කිරීම සදහා ලෙදිගම්මන ‘කුසුම් ළමා සමාජය“ තම වගකීම කරටගෙන ගමේ පුස්ථකාලය ගොඩනැනගීමේ බාරදූර කාර්යයට නායකත්වය සපයයි. දෛනික සුළු කටයුත්තකදී පවා බොහෝ දුර ගෙවා නගරයට යා යුතු ගම් වැසියන්ට ඉමහත් සතුටක් එක්කරමින් මෙම කටයුත්ත දැන් ලහි ලහියේ සිදු වේ.

මෙම සුවිශේෂී කටයුත්තට සහය දෙන මෙන් ‘කුසුම් ළමා සමාජය‘ විදුසත් මෙහෙවර අන්තර්ජාල වේදිකාවෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ අනුව ‘විදුසත්‘ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘භාවිතා කළ, තවදුරටත් භාවිතයට ගත හැකි පොත් පත් නැවත භාවිතයට යොමු කරන ව්‍යාපෘතිය“ ඔස්සේ මෙම පුස්ථකාලය පෝෂණය කිරීමට අප පියවර තබා ඇත්තෙමු.

මෙම ඉල්ලීමට අනුව මෙම පුස්ථකාලය වෙත ඔබගේ උපකාර ලබාදීමටත්, ඔබ සතුව පවතින භාවිතා කළ එහෙත් තවදුරටත් භාවිතයට ගත හැකි, පොත් පත් (නවකතා, කෙටිකතා, නිබන්ධන, පාඩම් පොත් ආදිය) ලබා දී එම ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ණැනස පැදීමේ මහගු සත්කාරයට ඉදිරිපත් වෙන මෙන් ඉල්ලා සිටිමු.