දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න

  • දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න
  • දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න
  • දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න
  • දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම පහලවැටියාව ලිපිනයේ පදිංචි ධම්මිකා දමයන්ති මහත්මිය (47) ඇගේ ස්වාමිපුරුෂයා (48) හා වයස අවුරුදු 12 ක දියණිය සමග ඉතා කුඩාවට තනාගත් පැල්පතක ජීවත් වන දිළිදු පවුලකි. සමෘද්ධි හිමිකම පවා අහිමි ඔවුන් එදිනෙදා කුමන හෝ කටයුත්තක නිරත වී උපයා ගන්නා මුදලකින් දුකසේ ජීවත් වන අතර ස්ථීර නිවසක් සාදා ගැනීමට යම් උත්සාහයක් ගත්තද එම උත්සාහය මෙතෙක් සාර්ථක වී නොමැත්තේ පවත්නා දැඩි ආර්ථික අපහසුතාව නිසාවෙනි.

ඉගෙනීමට අති දක්ෂ මෙම පවුලේ දියණිය පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 148ක් ලබාගෙන ඇති අතර, ඉගෙනීමේ කටයුතු වලට සුදුසු පරිසරයක් පැවතුනි නම් ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන්නට පවා ඉඩ කඩ තිබිණි. තවත් වසර 05කින් ඇය අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර එහිදී ඇයට ශිෂ්‍යත්ව විභාගයේදී අත්වූ අවාසනාවන්ත ඉරණම එහිදීද අත් විදින්නට සිදු විය හැකිය.

එබැවින් මෙම දියණියගේ අධ්‍යාපනය සහ අනාගතය පිළිබදව කාරුණික අවධානය යොමු කර මෙම පවුල සදහා නිවසක් ඉදිකරගැනීමට යම් පරිත්‍යාගයක් කරන ලෙස ආයාචනයක් ඉදිරිපත්ව ඇත.

එම නිවස ඉදිකරගැනීම සදහා රුපියල් ලක්ෂ 08 පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර, මේ වන විට බ්ලොක් ගල්, වැලි, මැටල් සහ උළු කැට දානපතීන් විසින් පරිත්‍යාග කර ඇත.

නිවසේ ඉතිරි වැඩකටයුතු සදහා පහත සදහන් උපකාර අවශ්‍ය කර තිබේ.

01.වැලි
02.මැට්ල්
03.සිමෙන්ති
04.ජනෙල්,දොර උළුවහු
05.වහලය සදහා පරාල, රීප්ප
06.පෙදරේරු හා වඩු කාර්මික කුලී ගාස්තු

නිවස සැදීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරි විසින් ලබා දී ඇති ලිපියෙහි පිටපතක්ද මේ සමග ඉදිරිපත් කර ඇත.