පහල තඹවිට ප්‍රාථමික පාසල් දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් සදහා සහයෝගය ලබා දෙන්න

  • පහල තඹවිට ප්‍රාථමික පාසල් දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් සදහා සහයෝගය ලබා දෙන්න
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ඇති දුෂ්කර පාසලක් වන මෙම විදුහලේ පළමු වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවත්වේ. දැනට දරුවන් විසි දෙනෙකු මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබති.

මොවුන් වැඩි දෙනෙකුගේ දෙමාපියන් ආර්ථික අපහසුතා ඇති දෙමාපියන් නිසා අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීමට අවශ්‍ය පොත පත ඇතුළු කටයුතු කරගන්නේ ඉතා අසීරුවෙනි.

ඒ නිසා දරුවන්ට අවශ්‍ය පොත් පත් හා අධ්‍යාපන සම්පත් ලබාදීමට මෙන්ම පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ ලබාදී දරුවන්ගේ සෞන්දර්ය හැකියාව වැඩිදියුණු කිරීමට සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

විදුහල්පති.
පහළ තඹවිට ප්‍රාථමික විද්‍යාලය