ඉගෙනීමට දක්ෂ, මව් සෙනෙහස අහිමි දියණියන් දෙදෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දෙන්න
කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ, මංගලගම පදිංචි වයි.එම්. තුෂාර පුෂ්පකුමාර මහතා සුළු වෙළදාමකින් ජීවිකාව සරිකරගන්නා, දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
ඉගෙනීමට අතිදක්ෂ දියණියන් දෙදෙනා මේ වන විට මහනුවර මහමායා විදුහලේ 6, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර, මෙම දියණියන් දෙදෙනාගේ මව සහ සොයුරා 2016 වසරේදී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
කුලී කඩයක, කොට්ට පුළුං විකිණීමෙන් එදිනෙදා ආදායම උපයා ගන්නා තුෂාර පුෂ්පකුමාර පියාට, සිය රෝගී දෙමාපියන් දෙදෙනාගේද වගකීම් ඉටු කිරීමට සිදුව තිබෙන බැවින්, ලැබෙන සුළු ආදායම දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සදහා කිසිසේත් ප්‍රමාණවත් නොවීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටී.
මව් සෙනෙහස අහිමි වුවද, දැඩි අගහිගකම් මධ්‍යයේ වුවත් අධ්‍යාපන කටයුතු ඉතා හොදින් කරගෙන යන මෙම දියණියන් දෙදෙනාට මාසිකව ශිෂ්‍යත්ව මුදලක් ලබාදිය හැකිනම් එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඉමහත් උපකාරයක් වනු ඇත.
මෙම උපකාරය ලබාදීමට ඔබට හැකිනම්, අදාළ තොරතුරු සහතික කළ ලිපි ළේඛණ ඉදිරිපත් කළ හැක.