දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න

  • දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න
  • දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න
  • දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න
දිළිදුබවෙන් වැසී ගිය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි හුදෙකලා පිරිවෙනක් වූ මෙහි දැනට පැවිදි හා ගිහි සිසුන් තිස් පහක් පමණ අධ්‍යාපනය ලබයි. මෙම ආයතනයට සම්පත්වල අගහිගතා බොහෝමයක් පවතින නමත් ඒවා ලබා දීමට තරම් වත්කම් ඇති දායක පිරිසක් පන්සල සතුව නැත. දායක භවතුන් ඉතාම දිලිදු එදිනෙදා ජීවත් වීම සදහා ජීවිකාව කරගන්නා පිරිසකි.

අප පිරිවෙනට ගොඩනැගිලි පහසුකම් ඇති මුත් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය සම්පත් ඉතා අල්පය.

අඩුපාඩු අතර ශිෂ්‍ය ඩෙස් හා පුටු 15ක්
ගුරු මේස හා පුටු 05ක්
ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ කට්ටලයක් අවශ්‍යය.

එමෙන්ම අද සමාජයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට තිබෙන්නේ නවීන තාක්ෂණ ශිල්පීය ක්‍රම වලින් වුවත් එම පාඩම් සිසුන්ට ලබා දීමට USB සහිත රූපවාහිනි පහසුකම් අප සතුව නැත. මෙම උපකරණ කට්ටලය නොමැති බැවින් විශේෂ පාඩම් ගණනාවක් මගහැරී ඇත.

අපගේ ආයතනය ගිහි පැවිදි සිසුන් අධ්‍යාපනය ලබන ආයතනයක් නිසා අප වෙත ලබා දෙන ආධාරයෙන් ලබන පුණ්‍ය මහිමය මේ භවයට පමණක් නොව මතු භවයනුත් සුවපත් කරන මහගු පිංකමක් වන්නේ ය.

අප හට ඉතාමත් දැඩි අඩුපාඩු වශයෙන් පවතින පහත සදහන් සම්පත් අප වෙත ලබා දීමට ඔබ තුමන්ලාට හැකි වුවහොත් ඒ මහෝපකාරය ඉදිරියේදී බුදු සසුන බැබලවීමට මෙන්ම සිසුන්ට කරන පූජාවක්ම වන්නේය. ඒ පුණ්‍ය මහිමය දිනෙන් දින වර්ධනය වී මතු භවයටත් මහගු ඵල ලබාදෙන පුණ්‍ය මහිමයක් වනු ඇත.

ශාස්ත්‍රපති මකුද්දල නිමලරතන හිමි
පරිවේනාධිපති,
ශ්‍රී ජයවර්ධන පිරිවෙන,
කෙහෙල්වත්ත වතුර,
කෑගල්ල.