දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !

  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
  • දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ රමණීය ප්‍රදේශයක පිහිටි පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී, තේ දළු නෙලීමෙන් හා කිතුල් හකුරු ආදී ගෘහාශ්‍රිත කර්මාන්තයෙන් ජීවත් වන්නා වූ කටුක ලෙස ජීවත අරගලයට මුහුණදෙන දෙමාපිය දරුවන්ගේ අධ්‍යාපනය සවිමත් කරන පාසලකි.

වසර 70කට ආසන්න ඉතිහාසයක් සහිත, ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යානය කරවූ මෙම පාසල ඉතා අවාසනාවනව්ත ලෙස අද වන විට වැසීයාමේ තර්ජණයට ලක්ව ඇත්තේ භෞතික සම්පත්වල ගැටළු නිසාය.

පාසලේ පවතින ශාලා දෙකෙහිම වහල දිරාපත් වී වැසි අධික මෙම ප්‍රදේශයේ බොහෝ දිනයන්හි පාසල පවත්වා ගැනීම අපහසුය. ඩෙස් පුටු ඇතුළු අත්‍යවශ්‍ය ඉගෙනුම් උපකරණ රාශියක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව ඇත.

අනතුරු වලට අත වනන අනාරක්ෂිත බෑවුම් හා ස්ථන අතර අබලන්වූ වහලද, දිරාපත් වූ බිත්තිද පිළිබදව අවධානය යොමු කරලීම අනිවාර්යය කටයුත්තකි.

කෙතරම් දුෂ්කරතා මැද වුවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම හා වර්තමාන විදුහල්පතිතුමාගේ නායකත්වය යටතේ 2018 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය 100% දක්වා වර්ධනය කරගැනීමටත් 5 වන ශ්‍රේණිය දක්වා වූ මෙම පාසලේ සිසුන් 53ක් මේ වන විට ඉගෙනුම ලබයි. 13 දෙනෙකු වූ ගුරු පිරිසකින් යුත් මෙම පාසල මානව සම්පත්වලින් අඩු පාඩුවක් නොමැත.

මේ අනුව භෞතික සම්පත්වල අඩුපාඩුව මත වැසීයාමේ තර්ජණයට මුහුණ පා ඇති මෙම පාසල ගොඩනැගීම ප්‍රදේශයේ දුගී ජනතාව වෙනුවෙන් කරන ඉතා විශාල මෙහෙවරකි, සත්කාර්යයකි.

ප්‍රදේශවාසීන්ට හා පාසල් සංවර්ධන සමිතිය මැදිහත්ව කල හැකි කාර්යය ඉතා සීමිතය. ඉතා කටුක ජීවිත ගෙවන මෙම පිරිසට නගරයේ පාසල් කරා තම දරුවන් ඇතුලත් කරගෙන යාම පවා දුෂ්කරය. නමුත් මෙම භෞතික සම්පත් ලබාදෙමින් පාසල ගොඩනැගීම තුළින් ඉතා ඉහළ තත්ත්වයකට ගෙන යා හැකි බව ඉතා පැහැදිළිය.

එමෙන්ම පාසලේ භෞතික සම්පත් සම්පූර්ණ වෙද්දී ඇතුලත් වන ශිෂ්‍ය සංඛ්‍යාවද තවත් ඉහළ යනු ඇත. මෙම පාසල තුලින් පෙන්වා ඇති අධ්‍යාපන කුසලතාවයන් අනුව මෙම දරුවන් යහපත් පුරවැසියන් ලෙස ලොව ජයග්‍රහණය කරන දක්ෂයන් පිරිසක් වන බවද ඉතා පැහැදිළිය.

එමෙන්ම පාසලේ භෞතික සම්පත් සම්පූර්ණ වෙද්දී ඇතුලත් වන ශිෂ්‍ය සංඛ්‍යාවද තවත් ඉහළ යනු ඇති අතර, ඈත පාසල්වලට තම දරුවන් යැවීමේ දුෂ්කරතාවයෙන් පෙලෙන දෙමාපියන්ට ද එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

මේ අනුව භෞතික සම්පත්වල අඩුපාඩුව මත වැසීයාමේ තර්ජණයට මුහුණ පා ඇති මෙම පාසලට අවශ්‍ය සම්පත් ලබා දී නැවත ගොඩනැගීම ප්‍රදේශයේ දුගී ජනතාව වෙනුවෙන් කරන ඉතා විශාල සත්කාර්යයක් මෙන්ම, දක්ෂතාවලින් පිරිපුන් මෙම දරුවන් දරුවන් කැලේම පිපී කැලේම පරව යෑමට ඉඩ නොදි යහපත් පුරවැසියන් ලෙස දැයට දායාද කරන යුග මෙහෙවරක්ද වනවා නොඅනුමානය.