සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න

  • සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න
  • සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න
  • සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න
සෙනිත් දම්නිදු රාජපක්ෂ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.

ශ්‍රවණාබාධයකින් පෙලෙන සෙනිත් ඉගෙනුමට හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට දක්ෂතා දක්වන සිසුවෙකු වුණත් ඔහුගේ ශ්‍රවනාධාර යන්ත්‍රය කැඩී ගොස් තිබෙන නිසා ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවී තිබෙන බැවින් ඔහුගේ එදිනෙදා කටයුතු පවා කරගැනීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රවනාධාර උපකරණයේ ‘ඩෙකැපෝ බැටරි බාහුලම‘ නම් කොටස අලුතෙන් සවිකළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇති අතර, ඒ සදහා වැය වන රු. 44540 ක මුදල සපයා ගැනීමට, එදිනෙදා කුලී වැඩෙන් දිවි ගෙවන ඔහුගේ දෙමාපියන්ට එම මුදල සොයා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් වී තිබෙනවා.

එනිසාම මාස ගණනක් තිස්සේ ශ්‍රවණ තත්ත්වය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබෙන නිසා සෙනිත් මහත් දුෂ්කරතාවයකට පත්වී සිටින බවත්, කවුරුන් හෝ ශ්‍රවන උපකරණයක් අරන් දේවියැයි සෙනිත් බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත්, මංගලගම විද්‍යාලයේ සුනීතා ගුරු මෑණියන් අප සමග පැවසුවා.

සෙනිත්ගේ ශ්‍රවන උපකරණය ලබා ගැනීමට අදාල නිර්දේශය ඇතුළත් ලිපිය මෙහි පලකර ඇත.

මෙම ඉල්ලීම 2019 ජූනි මස 05 වන දින සම්පූර්ණ කරන ලදි.