බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 53කට උපකාර ලබා දෙන්න

  • බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ  දරුවන්  53කට උපකාර ලබා දෙන්න
  • බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ  දරුවන්  53කට උපකාර ලබා දෙන්න
  • බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ  දරුවන්  53කට උපකාර ලබා දෙන්න
  • බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ  දරුවන්  53කට උපකාර ලබා දෙන්න
බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලය, දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර සම්පත් අවම පාසලක්.

මෙම පාසලේ 1 වසරේ සිට 5 වසර දක්වා සිසු දරු දැරියන් 53 දෙනෙකු ඉගෙනුම ලබන අතර ඔවුන් සියලු දෙනාම දැඩි ආර්ථික අපහසුතා සහිත දෙමාපියන්ගේ දරුවන්.

එම නිසාම පාසලේ සංවර්ධන කටයුතු සදහා දෙමාපියන්ගේ දායක්වය අපේක්ෂා කළ නොහැකි අතර, පහත සදහන් ප්‍රධාන අඩුපාඩු සපුරා ගැනීමට උපකාර කරන ලෙස විදුහල්පතිතුමිය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

1. පාසල් දරුවන් සදහා පොත්පත්. පාසල් උපකරණ.
2. පාසලට විදුලිය ලබා ගැනීම.
3. එළිමහන් පන්තියක් සකසා ගැනීම.
4. පාසලේ පිවිසුම් මාර්ගය සකසා ගැනීම.
5. 1-5 පන්ති සදහා කැසට් රේඩියෝ 5ක් ලබාගැනීම.