උහුමිය පියරතන විද්‍යාලයේ අඩු ආදායම්ලාබී සිසුන්ට පාසල් උපකරණ ලබා දෙන්න

  • උහුමිය පියරතන විද්‍යාලයේ අඩු ආදායම්ලාබී සිසුන්ට පාසල්  උපකරණ ලබා දෙන්න

කුරුණෑගල අධ්‍යාපන කළාපයේ උහුමිය, මුදුන්නේ පිහිටි ශ්‍රී පියරතන මහ විද්‍යාලය අති දුෂ්කර පාසල් ගනයට අයත්වන පාසලකි.

මෙම පාසලේ සිසු දරුවන් 175ක් පමණ මේ වන විට ඉගෙනුම ලබන අතර ඔවුන් සියලු දෙනා අඩු ආදායම්ලාබී පවුල්වල දරුවන් වෙති.

එයින් බොහෝ දරුවන් පිරිසකට මේ දක්වාත් 2019 වර්ෂය සදහා සම්පූර්ණ පාසල් උපකරණ කට්ටලය සපුරා ගැනීමට නොහැකි වී තිබෙන අතර, එයින් සිසු දරුවන් 56කට අවශ්‍ය පොත් පාසල් උපකරණ සහ පාවහන් ලබා දෙන ලෙස විදුහල්පතිතුමිය කාරුණික ඉල්ලීමක් යොමුකර ඇත.

අවශ්‍යතා ලේඛණය මේ සමග ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීම 2019 පෙබරවාරි 06 වන දින සම්පූර්ණ කරන ලදි - https://tinyurl.com/y3b34vvu