සේරුවාවිල පාසල් සිසුන් 100ක් සදහා පොත්, පාසල් උපකරණ ලබා දෙන්න

  • සේරුවාවිල පාසල් සිසුන්  100ක් සදහා පොත්, පාසල්  උපකරණ ලබා  දෙන්න
සේරුවාවිල ප්‍රදේශයේ යුද සමයේ මායිම් ගම්මානවලට කොටුවී ජීවිතයත් මරණයත් අතර පොර බදමින්, ත්‍රස්තවාදීන්ට නොබියව පවුරක් මෙන් නැගී සිටිමින් රට වෙනුවෙන් යුතුකම ඉටුකළ, අද කිසිවෙකුගේ හව්හරණක් නොලබන, දරිද්‍රතාවයේ පතුලේ ජීවිතය යදින ඒ දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් පෙරළ යුතුකම ඉටුකිරීමට ඔබටත් හැකිද.

සේරුවාවිල අධ්‍යාපන කළාපයේ මහවැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ සහ සේරුවිල මහා විද්‍යාලයේ අඩුආදායම් ලාබී පවුල්වල දරුවන් 100ක් සදහා පාසල් පොත්, පෑන්, පැන්සල් අවශ්‍ය කර තිබේ.

මේ යුතුකමේ මෙහෙවරට දායක විය හැකිනම් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා එය මහගු අත්වැළක් වනු නියතයි. ප්‍රතිලාභ අවශ්‍ය දරුවන්ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කළ හැක.

මෙම ඉල්ලීම 2019.02.09 දින සම්පූර්ණ කරන ලදි - https://tinyurl.com/y5744apa