හව්හරණක් නැතිව අවසන් සුසුම් හෙළන අතුලඋඩ විද්‍යාලය - දැයක් වෙනුවෙන් සවියක් වෙමු

  • හව්හරණක් නැතිව අවසන් සුසුම් හෙළන අතුලඋඩ විද්‍යාලය - දැයක් වෙනුවෙන් සවියක් වෙමු

අතුලඋඩ විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර පාසලකි. අතීතයේ 9 ශ්‍රේණිය දක්වා පන්ති පැවති මෙම පාසල මේ වන විට 5 වන ශ්‍රේණිය දක්වා සීමා වී ඇත.

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ඇති මෙම පාසල අලුතින් සිසුන් ඇතුලු වීමද සීමා වී ඇත්තේ පවතින අවම පහසුකම් හේතුවෙනි. තේ දළු නෙලීමෙන් හා එදිනෙදා කුළී වැඩ වලින් ජීවිකාව කරගෙන යන මෙම ප්‍රෙද්ශවාසීන් මහත්දුෂ්කරතාවයෙන් වුවද තරමක් හෝ ඇති හැකි අය තම දරුවන් නගරයේ පාසලකට යොමු කිරීමට පෙළඹී සිටිති.

එම තත්තවය මත මේ වන විට මෙම පාසලේ ඉතිරිව සිටින්නේ අන්ත අසරණ පවුල්වල දරුවන්ය. ඒ අතර ඉගෙනීමට අති දක්ෂ සිසුන්ද විශාල පිරිසක් සිටිති.

තවද දුර බැහැර ප්‍රදේශයෙන් පාසල කරා දරු දැරියන් රුගෙන යන බොහොමයක් මවිපියන් ගෙන් බහුතරයකම වාගේ ජීවනෝපාය මාර්ගය වන තේ දළු නෙළීමේ කර්මාන්තයෙහි නියැලීමට අවස්තාවක් ඔවුන්ට නොලැබීම තුළ ආර්ථීක අපහසුනමි බොහොමයක් ද ගොඩනැගී ඇත්තේ නිසි මාර්ග ඵහසුකමි නොමැති නිසා දරු දැරියන් පා ගමනින් පාසල කරා ගෙන ගොස් පාසල අවසන් වන තෙක්ම සිට දරු පැටවි ද සමගින් ආපසු නිවෙස් බලා එන සංස්කෘතියකට අද ඔවුන් නිරන්තරයෙන්ම යොමු විම තුල යි.

ඉහත සදහන් තත්වයෙන් මෙම පාසල මුදා ගෙන මේ ප්‍රදේශයේ ජීවත්වන්නන්ට මෙම පාසලින් අවශ්‍ය ප්‍රයෝජනය නිසි ලෙස ලබා දීමට අධ්‍යාපන බලධාරීන්, දේශපාලන අධිකාරිය, පරිත්‍යාගශීලීන්ස්වෙි, ස්චි‍ෙඡා සංවිධාන එක්ව අප පාසලට පහත උදවි උපකාර කළ යුතු වන අතර එය කරන්නේ නමි මහගු පුණ්‍යකර්මයක් ද" සමාජ මෙහෙවරක් ද වන්නේ ය.

පහත සදහන් මූලික අඩුපාඩු සකසා දෙන ලෙස විදුහල්පතිතුමා කාරුණිකව ඉල්ලා සිටී.

· ගරා වැටී ඇති පාසල් ගොඩනැගිල්ල පිලිසකර කරගැනීම
· ගුරු නිවාස කඩිනමින් පිලිසකර කරගැනීම
· විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම
· පාසල් මාවත කොන්ක්‍රීටි කරගැනීම
· පුස්තකාල පහසුකම්
· පරිගණක හා තොරතුරු තාක්ෂණ පහසුකම්
· නව බුදු මැදුරක් ඉදිකිරීම
· විධිමත්ව පාසල් ගොඩනැගිල්ල වයරින් කිරීම

මෙම ඉල්ලීම පරිදි පාසලේ දරුවන් සදහා 2019 වසරට අවශ්‍ය පාසල් උපකරණ කළුතර කේ.ආර්. මාධ්‍ය ගුරුතුමන් විසින් පරිත්‍යාග කරන ලදි. http://bit.do/eM9xM

අනෙකුත් ඉල්ලීම් සපුරා දීම සදහා ඉදිරිපත් වන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.