මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.

  • මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.
  • මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.
ජීවිතයේ ගොඩක් දුක් කරදර මැද ගත කරමින් ඉන්නකොට මීට අවුරුද්දයි මාස හයකට කලින් මේ සුරතල් දරු දෙන්නගෙ අහිංසක අම්මා වකුගඩු රෝගයකින් අවුරුද්දක් පමණ රෝගාතුර වෙලා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කරන අතරේ මිය ගියේ මේ කිරිකැටි පුංචි පුතා (ඒ. මිනුල තිනෙත් බුත්සර) පෙරපාසල් යද්දි..දැන් ගුරුගොඩල්ල, හ/වීරසිංහ විද්‍යාලයේ එක වසරට යන්න ඉන්නවා. දුව (ඒ. සංදීපා සත්සරණී) ඉගෙන ගන්නේ හ/ගෝණදෙනිය මහා විද්‍යාලයේ හතර වසරේ.

මේ දරුවන්ගේ පියා(ඒ.ගුණරත්න) දරුවන් ජීවත් කරන්නේ එදිනෙදා කුලී වැඩ කරලා.ඒත් දැන් ඒ පියාට කුලී වැඩකට යන්න අමරුයි මේ දරු දෙන්නා පාසල් යන නිසා.දරුවන් ගැන හොයලා බලන්න, පාසලට එක්ක යන්න එක්ක එන්න, වෙනත් කවුරැත් නැහැ..මේ මල් කැකුලු දෙක ඉගෙනුමට ගොඩක් දක්ෂයි.

දරුවන්ගේ ආච්චි අම්මා ජීවත් වුනත් ඒ අම්මාට දරුවන් බලාගන්න අමරුයි ඇයත් වියපත් වුනු අසනීප කෙනෙක් නිසා.ඒ අම්මාට දරුවන්ගේ වැඩ කරලා දෙන්නත් අමරුයි.තවත් තොරතුරැ ලබා දෙන්නම්...පුලුවන් නම් මේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයට උපකාරයක් ලබා දෙන්න..