අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ

  • අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
  • අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
  • අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
  • අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
අප විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොළගොඩ, කිවුල්පන ග්‍රාමයේ පිහිටි අපේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ නගරයේ සුපිරි පාසකට යෑමට වත්කමක් නැති අහිංසක දරුවන්ය. ඔවුන්ගේ දෙමව්පියන් කුලීවැඩ කර එදා වේල සොයාගනිති. සුපිරි පාසලක ඇති පහසුකම් වලින් අඩක්වත් මේ දරුවන්ට හිමි නැත.

පාසලේ ඇති පන්ති කාමර, දැල් ගසා ආවරණය කර නොමැති බැවින් සවස් කාලයේ පිටස්තර පුද්ගලයන්ට මෙය කදිම කෙළිබිමකි. එබැවින් පන්ති කාමර ආවරණය කිරීම මූලික අවශ්‍යතාවයකි.

එමෙන්ම දරුවන්ට වාඩි වීමට ඩෙස් පුටු නොමැති කමද තවත් ගැටළුවකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ දරුවන් පරිහරණය කරන සමහර ඩෙස් පුටු මුක්කු ගසා සකසාගත් ඒවාය.

දරුවන්ට විද්‍යා විෂය ඉගෙනීමට විද්‍යාගාරයක් තිබුණත් එහි ඇති ඩෙස් පුටුද දිරා ගොස් ඇත. ගුරු පුටු වශයෙන් භාවිතා කරන්නේද දරුවන්ගේ පුටුය. ගුරු කාමරයේ ඇති ජල කරාම, අල්මාරි අබලන් වී ඇත. අල්මාරිවල පොත් තබා ගැනීමටද නොහැකි වී ඇත්තේ ඒවා හරිහැටි වසා තැබීමට බැරි නිසාය.

වහලය සිදුරු වී තැන් තැන් වලින්ජය බිදු බේරෙන, සිමෙන්ති කැඩී බිදී ගිය පන්ති කාමරවල සිට අකුරු කරන අහිංසක දරුවෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී හා උසස් පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල ප්‍රදර්ශනය කරති.

එමෙන්ම අප විද්‍යාලයට පහත නම් සදහන් මාධ්‍ය උපකරණ අඩුවක්ව පවතී.

බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය - Multimedia projector
පොටෝ කොපි යන්ත්‍රය - Photo copy machine
වර්ණ පිටපත් මුද්‍රකය - Color printer

අඩු ආදායම් ලාබී දරුවන් දස දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ, සපත්තු හා පොත් බෑග් ලබා දීමද වටිනා කටයුත්තක් බව සදහන් කරමි.

ඒ.අම්. කරුණානායක
විදුහල්පති,
කිවුල්පන මහා විද්‍යාලය,
මොළගොඩ