යටියන්තොට විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ට NSBM සිසුන්ගෙන් සෙනෙහසේ සත්කාරයක් !

යටියන්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් NSBM හරිත සරසවියේ 2019-20 සිසු කණ්ඩායම විසින් පසුගිය දෙසැම්බර් 18 වනදා විශේෂ සත්කාරයක නිරත විනි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සත්කාරක වැඩසටහනේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පුද්ගල සංවර්ධන වැඩමුළු මෙන්ම එම දරුවන් ද සහභාගී කරවාගෙන නැටුම්, ගීත ගායනා ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්විණි. 

දිනක් පුරා එම දරුවන් සමග සමීපව ගත කරමින් දෙමින්, පාසල් උපකරණ ඇතුළු තෑගි බෝගවලින්ද ඔවුන්ගේ සිත්වලට සතුටක් ගෙන දීමට NSBM සිසුන් කටයුතු කර තිබිණි. 

මෙම සත්කාර්යය සාර්ථක කරගැනීම සදහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සුවිශේෂි සහයක් හිමිවූ අතර ‘ විදුසත් මෙහෙවර‘ සම්බන්ධීකරණයෙන් දායක විය.  ‍