- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
‘ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක්“ - පොල්පිටිය ප්‍රාථමික විදුහලේ දරුවන් සමග රුක් රෝපණ වැඩසටහන

විදුසත් මෙහෙවර හරහා සිදු කරන සෑම සත්කාරක වැඩසටහනක්ම සංඛේතවත් කරමින් සිදු කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක්, පසුගිය 4 වනදා යටියන්තොට, පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම වැඩසටහනේදී සිදු කෙරිණි.
එහිදී කුඹුක්, මී හා නා යන පැල වර්ග සිසු දරුවන්ගේ දෑතින් විද්‍යාල භූමියේ රෝපණය කිරීමට කටයුතු කරන ලදි. මෙම අවස්ථාවට විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය, ග්‍රාම නිලධාරීතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරීතුමන්, සම්පත් දායකත්වය දැක්වූ අනූෂා රත්නායක මහත්මිය ඇතුළු අමුත්තන්ද සහභාගී විය.
මෙම රුක් රෝපණ සත්කාර්යය සදහා පැළ දායකත්වය ලබා දුන්නේ කිතුල්ගල අඩවි වන නිලධාරී කාර්යාලයයි.
උපකාර අවශ්‍ය සිසු දරුවන් තෝරාගෙන, ඔවුන් සවියක් වීම සදහා ඕනෑම පරිත්‍යාගශීලීයෙකුට සෘජුවම ඔවුන්ව සම්බන්ධ කරගෙන ඔවුන් අතටම පරිත්‍යාග ලබා දීමට හැකි වටපිටාව Vidusath.lk ඔන්ලයින් වේදිකාව හරහා නිර්මාණය කර දී ඇති අතර, ඒ හරහා සිසුන් සවිබල ගැන්වීමද, එම වැඩසටහන් සඛේතවත් කරමින් මේ ලෙස සිදු කරන රුක් රෝපණ ආදී ක්‍රියාකාරකම් හරහා සිසුන් තුල යහපත් ආකල්පමය වර්ධනයක් ඇති කිරීමද එමගින් නැණ, ගුණ පිරි දරු පරපුරක් බිහි කිරීම සදහා අත්වැල සැපයීම ‘විදුසත් මෙහෙවරේ‘ ඒකායන පර්මාර්ථයයි.