- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
ළමා දිනය දා කෑගල්ල, මංගලගම විදුහලේ දූ දරුවන්ගේ ඉගෙනුමට සවියක් !

කෑගල්ල, මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ කේ.ඒ. සුනීතා ගුරු මහත්මියගේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම මෙවර ලෝක ළමා දිනය නිමිති කරගෙන සිදු කෙරිණි. එහිදී මංගලගම හා ගල්පල ප්‍රාථමික විදුහල්වල දූ දරුවන් 50 දෙනෙකු සදහා පොත් පත්, බෑග් සහ පාසල් උපකරණ බෙදා දීම සිදුවිය.
විදුසත් මෙහෙවර ඉල්ලීම පරිදි පොත්, පෑන්, පැන්සල් සහ පාසල් උපකරණ සදහා කාරුණික දායකත්වය ලබා දුන් පූජ්‍ය හසලක සිරිවිමල හිමිපාණන් වහන්සේටත්, බෑග් සදහා දායකත්වය ලබා දුන් E.co ආයතනයටත්, වතුර බෝතල්, කෑම පෙට්ටි ලබා දුන් කෑගල්ල, මහබාගේ විද්‍යාලයේ පියසීලී ගුරු මහත්මියටත්, කෑගල්ල, තල්ගමුව මහ විද්‍යාලයේ මනෝජා කුලතුංග ගුරු මහත්මියටත්, මේ මහගු සත්කාර්යයට උරදුන් සැමටත් ගෞරවණීය ස්තූතිය පිරිනමමු.
තවද වාර්ෂිකව සිදු කරන මෙම උතුම් සත්කාර්යය සදහා ඇප කැපවී කටයුතු කරන විදුහල්පතිනිය, සදමාලි තෙන්නකෝන් මහත්මියටත්, ගුරු මණ්ඩලයටත්, දිළිදු කඩතුරාවෙන් වැසී සිටින, දුවා දරුවන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ මුවගට සිනාරැල්ලක් ගෙන ඒමට නිබදවම කැපවන කේ.ඒ. සුනීතා ගුරු මෑණියන්ටද ‘විදුසත් මෙහෙවරේ‘ ගෞරවණීය උපහාරය පුදකර සිටිමු.