- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පොල්පිටිය ප්‍රාථමික විදුහලේ පුංචි දූ පුතුන්ට සතුට ගෙනා ඔබට තුති !

යටියන්තොට, පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ දූ පුතුන්ට පොත් පත් තෑගි සහ පුස්ථකාලය සදහා පොත් පත් අරන් (4) වෙනිදා අපි ගියා ඔවුන් හමුවට. සිනා මලින් මුව සරසාගෙන අපව පිළිගත් පුංචි දූ පුතුන්, නැටුම්, ගැයුම් වලින් අපව රසවත් කිරීමටද අමතක කළේ නැහැ. ලෝක ළමා දිනය වෙනුවෙන් මේ කටයුතු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය අපූරුවට සංවිධානය කර තිබුණා.
පොල්පිටිය ප්‍රාථමික විදුහලෙන්, විදුසත් මෙහෙවර (vidusath.lk)වෙත යොමු වූ ඉල්ලීම මෙසේ ඉටුකර දීමට ඉදිරිපත් වූණේ අනූෂා රත්නායක මහත්මියයි. ලෝක ළමා දිනය දා ඒ පුංචි හිත් සතුටින් පුරවන්න ඉදිරිපත් වෙමින්, සෙනෙහසේ සත්කාරය සියතින්ම දූ පුතුන්ට අතට පත් කිරීමට පැමිණි අනූෂා රත්නායක මහත්මියටත්, සහය දුන් මහේෂ් කුමාර, කල්පනී දයාරත්න, නිරෝෂිකා ගුණතිලක, චමිලා ප්‍රේමරත්න මහත්මිය ඇතුළු පිරිසට විදුසත් මෙහෙවරේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිනවා.
ඒ වගේම ‘විදුසත් මෙහෙවර‘ සම්බන්ධීකරණයෙන් සිදු කරන සෑම වැඩසටහනක්ම සංඛේතවත් කරමින් සිදු කරන ‘රුක් රෝපණ වැඩසටහන‘ ද ඉතා සාර්ථකව සිදු කෙරුණා. ඒ සදහා කිතුල්ගල අඩවි වන කාර්යාලය ලබා දුන් සහයෝගය ද අගය කළ යුතු වනවා.
දහසකුත් අගහිගකම්, බාධක මැද හෙට ලෝකය දිනන්නට වෙර දරන අපේම දූ පුතුන්ට සවියක් වෙන්න, ඔබේ සෙනෙහසේ උපකාරය ඔබේ අතින්ම ඔවුන් වෙත පුද කරන්න, පහසුකම් සලසන ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව (vidusath.lk) සමග එක්වන්න ඔබටත් ආරාධනා...