"ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක්" - පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසු දරුවන් සමග රුක් රෝපණ වැඩසටහන

‘විදුසත් මෙහෙවර‘ සෘජුවම සහ සම්බන්ධීකරණයෙන් සිදුකරන සෑම සත්කාරක ව්‍යාපෘතියක්ම සංඛේතවත් කරමින් සිදු කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් 2019 සැප්තැම්බර් 16 වනදා අනුරාධපුර, පදවිය කෝන්කැටියාව ප්‍රාථමික විදුහලේ සිසු දරුවන් 204 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාව සංඛේතවත් කරමින්, පාසලේ සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

එම සත්කාරක මෙහෙවර සදහා සම්බන්ධීකරණය සහ පහසුකම් සලසා දුන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ මුලතිව්, නයාරු කදවුරේ නිලධාරීන් සහ සෙබළ රණවිරුවන් විසින්, රුක් රෝපණ වැඩසටහනද ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.

මෙම සමස්ථ සත්කාර්යය සදහා දායකත‍්වය ලබා දුන් පූජ්‍යපාද මාතර මහින්ද හිමිපාණන්වහන්සේටත්, හරේන්ද්‍ර පෙරේරා, මලිත් ජයතිලක, ඩී.එස්. බණ්ඩාර මහත්වරුන්ටත්, සම්බන්ධීකරණයෙන්, සංවිධාන මෙහෙවරෙන් සුවිශේෂී දායකත්වය දැක්වූ මනුසත්දම් සමාජ සත්කාරක සේවයට සහ එහි සභාපති පාලිත ප්‍රේමලාල් මැතිතුමන්ටත්, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා මුලතිව් කදවුරේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු සියලු නිලධාරීන්ට සහ සෙසු නිලවල රණවිරුවන්ටත්, කැබිතිගොල්ලෑව කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ටත්, විදුහල්පතිතුමිය ඇතුළු ගුරුමණ්ඩලයට, සිසු දරුවන්ට සහ දෙමාපියන්ටත්, අපගේ ගෞරවණීය උපහාරය පුදකර සිටිමු.