- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පදවිය, කෝන්කැටියාව ප්‍රාථමික විදුහලේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් !

දහසක් බාධක අගහිගකම් මැද හෙට ලොව දිනන්නට වෙර දරන අපේම දූපුතුන්ට සවියක් වෙමින් යන ‘විදුසත් මෙහෙවර‘ චාරිකාවේ මෙවර නවාතැන වූයේ අනුරාධපුර, පදවිය, කෝන්කැටියාව ප්‍රාථමික විද්‍යාලයයි.
දශක කිහපයක් පුරා ත්‍රස්තවාදී උවදුරින් පීඩා විදිමින්, අදත් දැඩි අගහිගකම් මැද දිවි ගෙවනා පවුල්වල දරුවන් 204 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබා දීමට ‘මනුසත්දම් සමාජ සත්කාරක සංවිධානය‘ හරහා අපවෙත ලැබුණු ඉල්ලීම ඉටු කර දීමට, කාරුණිකව ඉදිරිපත් වුයේ පූජනීය මාතර මහින්ද හිමිපාණන් වහන්සේයි.
උන්වහන්සේගේ ඉල්ලීම අනුව දෙහිවල, නිකපේ හරේන්ද්‍ර පෙරේා මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මැතිතුමන්, ඩී.එස්. බණ්ඩාර මැතිතුමන් විසින් අවශ්‍ය පොත්පත්, උපකරණ ලබා දීමට කාරුණික විය. මේ මහගු සත්කාර්යයට ඉටුකර දුන් පූජනීය මාතර මහින්ද හිමිපාණන් වහන්සේටත්, හරේන්ද්‍ර පෙරේරා, මලිත් ජයතිලක, ඩී.එස්. බණ්ඩාර යන උතුම් මිනිසුන්ටත් අපගේ ගෞරවණීය ස්තූතිය, පුණ්‍යානුමෝදනාව පුදකර සිටිමු.
මෙම පරිත්‍යාග පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා කෝන්කැටියාවේ දරුවන් අතට පත්කරන තුරු සම්බන්ධීකරණ, සංවිධාන කටයුතු සිදුකළ සහ පහසුකම් සැපයූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ මුලතිව්, නයාරු කදවුරේ අණදෙන නිලධාරීතුමන් සහ සියළුම නිලධාරීන් ඇතුළු සෙබළ රණවිරුවන්ටත් මෙම සත්කාරයයේදී විශේෂ මෙහෙවරක් සිදුකළ කපිතාන් සිසිර කුමාර, ලුතිනන් අසේල රාජකරුණා යන මහත්වරුන්ටත්, මේජර් දිලන්ත විතාන මහතාටත් අපගේ ගෞරවණීය උත්තමාචාරය පුද කර සිටිමු.
එමෙන්ම මෙම සියලු කටයුතු පිටුපස සෙවනැල්ලක්ව සිටිමින් යෝධ ශක්තියක් වූ, සියළු සංවිධාන කටයුතු සිදුකළ ‘මනුසත්දම් සමාජ සත්කාරක සංවිධානයේ‘ නිර්මාතෘ, සභාපති පාලිත ප්‍රේමලාල් වීරකෝන් මැතිතුමන්වද ගෞරවයෙන් සිහිපත් කරන අතර, සහයෝගය දැක්වූ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයටද ස්තූතිය පුදකර සිටිමු.