- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
කදුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහයෝගයෙන් පැවති "විදුසත්" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

ශිෂ්‍යාත්ව විභාගය සදහා මුහුණ දෙන සිසු දරුවන් වෙනුවෙන් විදුසත් මෙහෙවර පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් ජූලි 26 වනදා කිතුල්ගල ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
මේ සදහා නිබන්ධන සහ සිසු දරුවන්ට ආහාර ඇතුළු කටයුතු සදහා පූර්ණ අනුග්‍රාහකත්වය දැක්වූයේ කදුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ‘ප්‍රජාශක්ති‘ ව්‍යාපෘතියේ හගරාපිටිය මධ්‍යස්ථානය යි.
මෙම වැඩසටහනට සම්පත් දායකයෙකු ලෙස දේශක රජිත් ප්‍රියංකර මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රජාශක්ති ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක එස්. සච්චු, සහකාර සම්බන්ධීකාරක එම්. සබිත් යන මහත්වරුන් සහ විදුසත් මෙහෙවර නියෝජිතයන් සහභාගී විය.
මේ වැඩසටහන අති සාර්ථක කරගැනීම සදහා විදුහලේ විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය සහ සිසු දරුවන්ගේ ලැබුණු සහයෝගයට අපගේ ස්තූතිය පුදකර සිටිමු.





