- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක් - පල්ලේබාගේ කණිෂ්ඨයට අධ්‍යාපන සම්පත් පරිත්‍යාගයට සමගාමීව සිදු කළ රුක් රෝපණ වැඩසටහන

විදුසත් මෙහෙවරේ සංකල්පයකට අනුව, අප විසින් සිදු කරන සහ සම්බන්ධීකරණය කරන සෑම ව්‍යාපෘතියකටම සමගාමීව සිදු කරන රුක් රෝපණ සත්කාරය මෙවර දැරණියගල, පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට අධ්‍යාපන සම්පත් පිරිනැමීමේ දී සිදු කෙරිණි.
පාසල් කේන්ද්‍රකරගත් මෙම රුක් රෝපණ වැඩසටහන් තුළින් අප බලාපොරොත්තු වන්නේ පරිසරය සුරැකීම හා සොබා දහම පිළිබදව යහපත් ආකල්පයක් සිසුන් තුළ ගොඩනැගීම සහ ඒ කෙරෙහි ඔවුන් නැඹුරු කරවීමයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අධ්‍යන ආයතනයේ (SLIIT METRO) කොල්ලුපිටිය මණ්ඩපයේ 2018 අධ්‍යන වර්ෂයේ සිසුන්ගේ අනුග්‍රහයෙන් පසුගිය ජූලි 19 වැනිදා සිදු කළ අධ්‍යාපන සම්පත් පරිත්‍යාග කිරීමට සමගාමීව සිදු කළ මෙම රුක් රෝපණ සත්කාර්යය ට එම සිසුන් ද සහභාගී වූ අතර, පාසලේ විදුහල්පති කේ.ජී.යූ. ගුණසේකර මැතිතුමන් ප්‍රමුඛ ගුරු මණ්ඩලය සහ සිසු දරු දැරියන්ගෙන්ගේ මූලිකත්වයෙන් එම වැඩසටහන අපූරුවට සංවිධානය කරන්නට යෙදුණි.