- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
Mobitel "Smart Sri Lanka Hackathon" - විදුසත් මෙහෙවරේ සළකුණ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාණ තාක්ෂණික කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් පොළොන්නරුව අභිනව කෞතුකාගාර පරිශ්‍ර යේ පැවැත්වූ "SMART SRI LANKA Hackathon" වැඩසටහන සදහා "ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව" නියෝජනය කරමින් "විදුසත් මෙහෙවරේ" අපිත් සහභාගී වුණා.
එහිදී ඩිජිටල් නවොත්පාදන, සමාජ ප්‍රගමනය සදහා යොදා ගැනීම පිළිබදව අපගේ අදහස ඉදිරිපත් කිරීමටත්, තරුණ නිර්මාණකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවීමත් සුවිශේෂීයි.
දහසකුත් බාධක මැද හෙට ලොව දිනන්නට වෙර දරන දූ පුතුනගේ අධ්‍යාපනයට සවියක් වන ‘විදුසත් මෙහෙවර අන්තර්ජාල වේදිකාව‘, විශ්වීය අධ්‍යාපනයට සමබිමක් තේමාව යටතේ ක්‍රියාත්මක දිවයිනේ සෑම පාසලකටම නිල වෙබ් අඩවියක් සහ ඒ ඔස්සේ මාර්ගගත අධ්‍යාපන පහසුකම් සලසන ‘සයිබර් ලොවට පියාපත්‘ වැඩසටහන සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වන ආවරණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය බලගන්වමින් ක්‍රියාත්මක ‘විදුසත් - හරිත ශ්‍රී ලංකා‘ වැඩසටහන පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමට ද එහිදී අපට හැකිවුණා.
එමෙන්ම ‘විදුසත් මෙහෙවරේ‘ ව්‍යාපෘති යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අවධානයට යොමු කිරීම සදහා, දහම් සිරිසේන මහතා වෙත බාර දීමටද එහිදී කටයුතු කෙරුණා.
හෙට රට දිනවන තරුණ තාක්ෂණවේදීන් ට, නිර්මාණකරුවන්ට මෙම මහගු අවස්ථාව නිර්මාණය කරදුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මැතිතුමන්, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණීය කෘතඥතාවය පලකර සිටිනවා.