- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පාසල් ගමන නැවතුණු හරිතට අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක්....

හරිත ෂෙහාන් ප්‍රේමතිලක, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා. උපතින්ම ශරීර වර්ධනයේ ඌණතාවය හා ශ්‍රවණාබාධයකින් පෙළෙන හරිත අධ්‍යාපනය ලැබුවේ දෙහිඕවිට, දුණුකේදෙණිය කණිටු විදුහලේ.
අබාධ තත්ත්වය නිසා සහ ඔහු වෙනුවෙන් වෙහෙස වීමට දෙමාපියන්ට ආර්ථික ශක්තියක් නොවූ නිසාම හරිතට අධ්‍යාපනය ලැබීමට හැකිවුණේ 8 ශ්‍රේණිය දක්වා පමණයි. ශාරීරිකව දුර්වලතාවක් පැවතුණත් යම් අධ්‍යාපන මට්ටමක පසුවන දරුවකු වූ හරිත පරිගණකක ආශ්‍රිත කටයුතුවලට ඉතාම කැමැත්තෙන් සිටියත් ඒ අවශ්‍යතාවය ඉටු කර දීමට දෙමාපියන්ට ශක්තියක් තිබුණේ නැහැ.
දෙමාපියන්ට අස්වැසිල්ලක් වෙමින් හරිතගේ ඒ සිහිනය සැබෑ කර දීමට ‘විදුසත් මෙහෙවරේ‘ අපට හැකිවුණා. අපගේ ඉල්ලීමට කාරුණික වෙමින් හරිතට පරිගණකයක් ලබා දීමට මැදිහත් වුණේ පූජ්‍ය වැල්ලවත්තේ සීලගවේශී හිමිපාණන් වහන්සේ.
උන්වහන්සේගේ ඉල්ලීම අනුව මහනුවර ප්‍රදේශයේ පරිත්‍යාගශීලී මහතෙකු විසින් අප්‍රේල් 9 වැනිදා හරිතගේ සිහිනය සැබෑ කර දුන්නා. අලුත් අවුරුදු උදාවේ අපි හරිතගේ නිවසට යද්දී අලුත් තෑග්ග ලැබුණු සතුටෙන් හරිතගේ වගේම දෙමාපියන්ගේ මුහුණුවල ඇදී තිබුණේ සතුටු සිනාවක්.
හරිතගේ අනාගතය ආලෝකමත් කරගැනීමට මේ තෑග්ග ලොකු උපකාරයක් වෙයි කියල අපි විශ්වාස කරනවා. ඒ වගේම පරිගණක අධ්‍යාපනය සදහා හරිතට සහයක් වෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. හරිතගේ එක බලාපොරොත්තුවක් ඉටුවුණත්, තවත් ඔහු වෙනුවෙන් කළ යුතු උපකාරයක් ගැන දෙමාපියන් මතක් කළා. ඒ හරිතගේ ශ්‍රවණාබාධ තත්ත්වයට පිළියම් ලෙස ශ්‍රවණාධාර උපකරණයක් ලබා ගැනීම. ඒ සදහා උපකාර විය හැකිනම් දෙමාපියන් සම්බන්ධ කරදීමට හැකියි.