- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
අතක් බරට තෑගි අරන්, කළුතරින් කෑගල්ලට ගිය සෙනෙහසේ චාරිකාව...

කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ පිහිටි බැහැනැල්ල ළමා මිතුරු පාසල අති දුෂ්කර, සුන්දර ගම් පියසක පිහිටි පුංචි පාසලක්.
පාසලේ ඉගෙනුම ලබන 53ක් වන පුංචි දූ පුතුන්ට පාසල් උපකරණ ලබා දී ඔවුන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන්නැයි ‘විදුසත් මෙහෙවර‘ වෙත ඉදිරිපත්වූ කාරුණික ඉල්ලීම ඉටු කර දෙන්නට දූ පුතුන් කෙරෙහි සෙනෙහසින් ඉදිරිපත් වුණේ කළුතර ප්‍රදේශයේ ගණිත උපකාරක පන්ති ගුරුවරයෙකු වන කේ.ආර්. මාධව ගුරුතුමන්.
ඒ අනුව පසුගිය මාර්තු 29 වැනිදා අතක් බරට තෑගි අරන් මාධව ගුරුතුමන් සහ මිතුරු කැළ දුෂ්කර මග ගෙවන් බැහැනැල්ලේ දූපුතුන් සොයාගෙන ගියේ මෙහෙමයි. ඒ පුංචි හිත්වලට සතුටු සිනාවකුත් අරන්, පාසලේ පන්ති කාමරවටලත් අවශ්‍ය උපකරණ ලබා දීමට කටයුතු කළා.
තරගකාරී අධ්‍යාපන රටාවක මිළ මුදල්ම හඹා යන මෙවන් අවධියක ගුරුවරයෙකු වශයෙන් සැබෑ ආදර්ශයක් සපයමින් සිදුකළ මේ සත්ක්‍රියාවටත්, අප වෙත යොමුවූ ඉල්ලීමට කාරුණික අවධානය යොමු කරිම පිළිබදව මාධව ගුරුතුමන් ඇතුලු කළ්‍යාණ මිතුරු කැළට ‘විදුසත් මෙහෙවරේ‘ හෘදයාංගම උපහාරය පුදකර සිටිනවා.