- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
කලුතර ගුරු පියෙකුගෙන් කෑගල්ලේ අතුලඋඩ දරුවන්ට අත හිත...

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ අති දුෂ්කර පාසලක් වන අතුලඋඩ විද්‍යාලයේ දූ දරුවන් සදහා අප වෙත යොමු වූ උපකාර ඉල්ලීම කළුතර ප්‍රදේශයේ ගණිත උපකාරක පන්ති ගුරුවරයෙකු වන කේ.ආර්. මාධව ගුරුතුමන් විසින් 2019 මාර්තු 29 වැනි දා මෙලෙස ඉටුකර දෙනු ලැබුවා.
සිසුන් හා මිතුරන්ගේ සහයෝගයෙන් වසර 7ක් පුරාවට මාධව ගුරුතුමන් විසින් සිදුකරගෙන යන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දූපුතුන්ට අත හිත දීමේ සත්කාර්ය මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් ඇතුළුව පාසල් තුනක් කේන්ද්‍රකරගනිමින් සිදුකළ අතර, අතුලඋඩ විද්‍යාලයේ දරුවන් සදහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ සහ පන්ති කාමර සදහා අවශ්‍ය ඉගෙනුම් උපකරණද පරිත්‍යාග කරනු ලැබුවා.
තරගකාරී අධ්‍යාපන රටාවක මිළ මුදල්ම හඹා යන මෙවන් අවධියක මාධව මහත වැනි ගරුවරුන් සැබෑ ආදර්ශයක් සපයන අතර, අප වෙත යොමුවූ ඉල්ලීමට කාරුණික අවධානය යොමු කර මෙම සත්කාරයට ඉදිරිපත් වීම පිළිබදවද එතුමන් ඇතුළු මිතුරු කැළට විදුසත් මෙහෙවරේ කෘතඥතාවය පුදකර සිටිමු.