උහුමිය, පියරතන විද්‍යාලයේ සිසු දරුවන් 75කට (මනුෂ්‍යත්වයේ සිහිනයෙන්) අතහිත

කුරුණෑගල අධ්‍යාපන කළාපයේ උහුමිය, මුදුන්නේ පිහිටි ශ්‍රී පියරතන මහ විද්‍යාලය අති දුෂ්කර පාසල් ගනයට අයත්වන පාසලක්. 
මෙම පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන් සදහා සවියක් වන්නැයි ‘විදුසත් මෙහෙවර‘ වෙත යොමු කෙරුණු කාරුණික ඉල්ලීම ඉටුකරදීමට ඉදිරිපත් වුණේ 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ පිරිසක් වන  (DREAM OF HUMANITY - මනුෂ්‍යත්වයේ සිහිනය) කණ්ඩායමයි. 

ඒ අනුව 2019 පාසල් වර්ෂය සදහා සිසු දරුවන් 75 දෙනෙකුට පාසල් උපකරණ තෑගි බෝගත් අරන් පෙබරවාරි 6 වනදා ඔවුන් ගියා පියරතන විද්‍යාලයේ සහෝදර සිසුදරුවන් සොයාගෙන. එයින් නොනැවතුණු ඔවුන් පාසලේ සිසු දරුවන් මිහිරි  සංගීතයෙන්, ගායනයෙන් කුල්මත්  කිරීමටද අමතක කළේ නෑ.

බොහෝ තරුණ පිරිස් කාලය, ධනය වැයකරමින් හරසුන් දේ හඹායන මෙවන් යුගයක, (DREAM OF HUMANITY-මනුෂ්‍යත්වයේ සිහිනය) කණ්ඩායම සිදුකල මෙම ආදර්ශමත්  සත්ක්‍රියාව වෙනුවෙන්  ‘විදුසත් මෙහෙවර‘ අපේ ප්‍රණාමය මෙසේ පුදකර සිටිනවා.