- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
මිහිමවට වාර්ෂිකව තුරු හිස් දස ලක්ෂයක් - පළමු පියවර සේරුනුවරින්

පාසල් ශිෂ්‍ය ප්‍රජාව රුක් රෝපණය කෙරෙහි නැඹුරු කරවීමේ අරමුණෙන් ‘විදුසත් මෙහෙවර‘ ක්‍රියාත්මක කරන ‘අනාගතයට හුස්ම පොදක්‘ පරිසර සත්කාරයට ආරම්භක පියවර තබමින් 2019 පෙබරවාරි 09 වැනිදා සේරුවාවිල, සේරුනුවර, මහින්දපුර ගම්මානයේ පාසල් දරු දැරියන් සදහා පොත්පත් බෙදා දීමේ අවස්ථාවට සමගාමීව සිදුවිය.
අප විසින් රැගෙන ගිය කුඹුක් සහ මී පැළ එහිදී රෝපණය කළ අතර, එම අවස්ථාවට ආරාධිතව පැමිණි සේරුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ද සහභාගී විය.
මේ සදහා පැළ ලබා දුන් පාලිත ප්‍රේමලාල්, රජිත් යන මහත්වරුන්ටද විශේෂයෙන් ස්තූති කළ යුතුය.
ශ්‍රී ලාංකීය භූමිතලයට වසරකට පැළ මිළියනයක් දායාද කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා පාසැල් සිසු දරුවන් රුක් රෝපණය කෙරෙහි නැඹුරු කරවමින් ඉදිරියේදී ‘විදුසත් මෙහෙවර‘ ක්‍රියාත්මක කරන සෑම සත්කාරයක්ම සංඛේතවත් කරමින් පාසැල් සිසුන් සහභාගී කරවාගෙන එම පාසල් තුළ රුක් රෝපණ වැඩසටහන් දියත් කිරීමට නියමිතය.


