කෑගල්ල, කිවුපනේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පාසල්උපකරණ බෙදා දීම

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කොට්ටාසයේ කිවුල්පනේ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සදහා පාසල් උපකරණ, පොත් පත් තිළිණ අරන් ජනවාරි 11 දා අපි ගියා කිවුල්පනේට.

‘විදුසත් මෙහෙවරෙන්‘ ගරු විදුහල්පතිතුමන් කළ ඉල්ලීමට කාරුණික අවධානය යොමුකරමින් ‘මනුසත්දම්‘ සමාජ සත්කාරක සංවිධානයේ සම්බන්ධීකරණය සහ මෙහෙයවීමෙන් මේ සත්කාර්යය සදහා මෙවරත් දායක වූයේ කොළඹ අක්ෂි රෝහලේ  රාජිත අබේසිංහ වෛද්‍යතුමන්. වෛද්‍ය බණ්ඩාර, වෛද්‍ය සුචින්තා, වෛද්‍ය සුභන්ගි, වෛද්‍ය බන්දූ, වෛද්‍ය අමරමලිත්, වෛද්‍ය අන්ජලී, වෛද්‍ය සචින්ත, වෛද්‍ය පියුමිකා, වෛද්‍ය නිලූෂිකා, තනූජ මහතා යන එතුමන්ගේ සහෝදර වෛද්‍ය කාර්‍ය මණ්ඩලයයි.

විදුසත් මෙහෙවරේ කාරුණික ඉල්ලීම පරිදි සියළු  සම්බන්ධීකරණ කටයුතු  කරමින්, කිවුල්පනේ දරුවන්ගේ  මුවගට සිනහවක් කැන්දන්නට වෙහෙස වූ මානව සම්පත් සම්බන්ධීකාරක පාලිත ප්‍රේමලාල් සහෘදයාණන්ට විශේෂ ස්තූතිය පිරිනමන අතර, අලංකාර උත්සවයක් සංවිධානය කරමින් අපිව පිළිගත් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය ඇතුළු සිසු දරුවන්ටද, සහභාගී වෙමින් සහ දැක්වූ සහයෝගය වෙනුවෙන් මාවනැල්ල අධ්‍යාපන කාර්යාලයේ  නිලධාරීතුමන්ට ස්තූතිය පිරිනමමු.