- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
පුංචි දියණියකගෙන් උපන් දිනය වෙනුවෙන් ආදර්ශමත් සත්ක්‍රියාවක් !

නොවැම්බර් 19 වන දිනට යෙදුණු මනුති සදරුවි සෙනවිරත්න දියණියගේ 9 වන උපන් දිනය වෙනුවෙන් ඉතා දුෂ්කර පාසලක් වූ කෑගල්ල, දෙහිඕවිට පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන් 19 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දෙනු ලැබුවා.
පාසල් බෑග්, ඇදුම්, පොත් පත් මෙන්ම දරුවන්ගේ පවුල් සදහා වියළි ආහාර පාර්සලය බැගින් පරිත්‍යාග කිරීම හා පාසලට අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍යද එදින පරිත්‍යාග කරනු ලැබුවා. එමෙන්ම ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම පාසලට කරනා මෙහෙවර වෙනුවෙන් විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයටද පුංචි තිළිණයක් පුද කිරීමටත්, සියළුම සිසු දරුවන්ට පාසල් උපකරණවලට අමතරව රසවත් රසකැවිළි පාර්සලයක් ලබා දී ඔවුන්ව සතුට කිරීමටද මනුති දියණිය අමතක කළේ නැහැ.
සැමටම ආදර්ශයක් වෙමින් තම දියණිය වෙනුවෙන් මෙවැනි උතුම් සත්කාර්යයක් සිදු කිරීම සදහා මූල් වූයේ මනුති දියණියගේ දෙමාපියන් වන මහේෂිණී, ජනක සෙනවිරත්න යන මහත්ම මහත්මීන්.
මේ සියළු සත්කාර්යයන් ආදරයෙන් පිළිගත් පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් තෑගිබෝග රැගෙන පැමිණි අමුත්තන් නැටුමින් ගැයුමින් පිනවීමටද අමතක කළේ නැහැ.
ඒ වගේම මේ සත්කාර්යයට මහේෂිණී මහත්මියගේ මිතුරන් වන චර්මිලා ද සිල්වා, අනුරාධා ගුණතිලක, එම්.පී. රුවන්තිකා, චන්දන පෙරේරා, ධනූෂා තෙන්නකෝන්, ගයානි රසන්ගිකා යන මහත්ම මහත්මීන් විශේෂයෙන් දායකත්වය දක්වා තිබුණු අතර ඔවුන් විසින් පොල්පිටිය ග්‍රාමයේ ගොඩනැගෙන පුස්ථකාලය සදහා ළමා කතන්දර ඇතුළු පොත් පත්ද පරිත්‍යාග කරනු ලැබුවා.
මෙම අවස්ථාවට මහේෂිණි මහත්මියගේ සොයුරිය වන නිරෝෂිණී මහත්මියක්, ඇගෙ දෙමාපියනුත්, උදය මහතා, නිලන්ති මහත්මිය, සෞම්‍යා මහත්මිය, ඔකිදු පුතණුවන් හා නිම්නරා සදරුනී දියණියත් සහභාගී වූවා.
මනුති දියණිය හා ඇගේ දෙමාපියන් මේ සත්කාර්යය සදහා එක්වූයේ විදුසත් මෙහෙවර vidusath.lk සමාජ සත්කාරක වේදිකාව වෙත ඉදිරිපත් වූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
දහසකුත් බාධක මැද ඉගෙනුම ලබන දැයේ දූ පුතුන්ට අධ්‍යාපනයට උපකාර ඉල්ලිය හැකි, පරිත්‍යාගශීලීන්ට ඔවුන්ව තෝරාගෙන, කිසිදු මැදිහක්තරුවෙකු නොමැතිව සෘජුවම සිය උපකාර සිසු දරුවන් වෙත ලබාදිය හැකි ‘විදුසත් මෙහෙවර‘ අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව සමග එක්වී මෙවැනි ආදර්ශමත් සත් ක්‍රියාවන්ට ඔබටත් දායක විය හැකියි.